2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 14:17
නවතම පුවත්

ප්‍රසන්නගේ කප්පම් නඩුවට දින නියම වේ

කොළො­න්නාව, මීතො­ට­මුල්ල ප්‍රදේ­ශයේ ඉඩ­මක් ගොඩ­කි­රී­මට අනු­මැ­තිය ලබා­දීම සඳහා රුපි­යල් මිලි­ය­නය 64ක් ඉල්ලා ව්‍යාපා­රි­ක­ය­කුට තර්ජ­නය කිරීමේ වර­දට හිටපු ඇමැති ප්‍රසන්න රණ­තුංගට අත්හි­ටවූ සිරදඬු­වම් සහ දඩ මුදල් ගෙවන ලෙස නියම කළ මහා­ධි­ක­රණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ අභි­යා­චන පෙත්සම විභා­ග­යට ගැනීම සඳහා අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (29) දින නියම කළේය.

ඒ අනුව, එම පෙත්සම් විභා­ගය ලබන ජුනි මස 05,13,16 යන දින­යන් හිදී පංච පුද්ගල අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ සිදුකිරී­මට නියම කෙරිණ.

අදාළ පෙත්සම මායා­දුන්නේ කොරයා, පී. කුමා­රන් රත්නම්, බී .ශෂී මහේ­න්ද්‍රන්, දමිත් තොට­වත්ත, අමල් රණ­රාජා යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත පංච පුද්ගල අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ කැඳවූ අව­ස්ථා­වේදී මේ බව තීර­ණය කරන ලදි.

එහිදී අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් පෙනීසිටි ජනා­ධි­පති නීතිඥ රියන්සි අර්ස­කු­ල­රත්න මෙම පෙත්සම සම්බ­න්ධ­යෙන් ලිඛිත දේශන කිරී­මට අව­සර ඉල්ලා සිටි­යේය.

එම ඉල්ලී­මට අව­සර දුන් විනි­සුරු මඬුල්ල අදාළ පෙත්සම විභා­ග­යට ගන්නා දින­යට පෙර එම ලිඛිත දේශන ගොනුකරන ලෙස නියම කළේය.

හිටපු ඇමති ප්‍රසන්න රණ­තුංග විසින් මෙම පෙත්සම ඉදි­රි­පත් කර තිබිණි.

ප්‍රසන්න රණ­තුංග බස්නා­හිර පළාතේ ප්‍රධාන ඇම­ති­ව­රයා ලෙස කට­යුතු කරද්දී මීතො­ට­මුල්ල ප්‍රදේ­ශයේ ඉඩම් ගොඩ­කි­රී­ම­කට අදා­ළව ව්‍යපා­රි­ක­ය­කු­ගෙන් රුපි­යල් මිලි­යන 64ක මුද­ලක් ඉල්ලා තර්ජ­නය කළ බවට චෝදනා කර­මින් ඔහුට එරෙ­හිව නීති­ප­ති­ව­රයා මහා­ධි­ක­ර­ණය හමුවේ නඩු පවරා තිබිණි.

ඒ සම්බ­න්ධ­යෙන් දීර්ඝ නඩු විභා­ග­යක් පැවැත්වූ කොළඹ මහා­ධි­ක­ර­ණය එහි තීන්දුව 2022 ජූනි මස 06 වැනිදා ප්‍රකා­ශ­යට පත්කළේය.

අදාළ චෝද­නා­වට ප්‍රසන්න රණ­තුංග වර­ද­කරු බවට එහිදී තීර­ණය කළ කොළඹ මහා­ධි­ක­ර­ණය ඔහුට බර­ප­තළ වැඩ සහිත වසර දෙකක සිරදඬු­ව­මක් නියම කොට එය වසර 05කට අත්හිටු­වී­මට තීන්දු කළේය.

රුපි­යල් මිලි­යන 25ක දඩ­යක් ද නියම කෙරුණු අතර එය නොගෙ­වන්නේ නම් තවත් මාස හයක සිරදඬු­වම් නියම කෙරිණ.

ඊට අම­ත­රව රුපි­යල් මිලි­ය­න­යක වන්දි මුදල් අදාළ ව්‍යාපා­රි­ක­යාට ගෙවන ලෙසද නියම කෙරිණ.

එම දඬු­ව­ම්ව­ලින් තමන්ව නිදොස් කොට නිද­හස් කරන ලෙස ඉල්ලා ප්‍රසන්න රණ­තුංග මෙම අභි­යා­චනා පෙත්සම අභි­යා­ච­නා­ධි­ක­ර­ණය වෙත ගොනුකර ඇත.

අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් පෙනීසිටි ජනා­ධි­පති නීතිඥ රියන්සි අර්ස කුල­රත්න මෙම පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල විනි­සුරු මඬු­ල්ලක් හමුවේ නම්කරන ලෙස මීට පෙර අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එම ඉල්ලීම සම්බ­න්ධ­යෙන් කරුණු සළකා බැලී­මෙන් අන­තු­රුව පෙත්සම පංච පුද්ගල විනි­සුරු මඬු­ල්ලක් හමුවේ විභා­ග­යට ගැනී­මට මීට පෙර තීර­ණය කරන ලදී.

ජනා­ධි­පති නීතිඥ අනිල් ද සිල්වා සහ නීතිඥ කීර්ති තිල­ක­රත්න පෙත්ස­ම්කාර ප්‍රසන්න රණ­තුංග වෙනු­වෙන් පෙනීසිටි­යහ.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් අසාද් නවාවි නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනීසිටි­යේය.(දිනමිණ)

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories