2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:33
නවතම පුවත්

එවරස්ට් පාමුල සෙළවෙයි – ටිබෙටයේ 32ක් මියයයි

අද උදෑසන චීනයේ කඳුකර ටිබෙට් ප්‍රදේශයට බලපෑ ප්‍රභල භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 38 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ටිබෙටයේ ශුද්ධ වූ ෂිගාට්සේ නගරයට එරට වේලාවෙන් උදෑසන 09:00 ට පමණ බලපෑ භූමිකම්පාව මැග්නිටියුඩ් ඒකක 7.1 ක ප්‍රභලත්වයෙන් යුතු අතර එහි අපිකේන්ද්‍රය කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් වූ භූ පතුලේ පිහිටි බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ දත්ත මගින් පෙන්නුම් කෙරේ.

ප්‍රධන කම්පනයෙන් අනතුරුව අදාළ ප්‍රදේශය ආශ්‍රිතව පසු කම්පන මාලාවක් ද සිදුව ඇතැයි එම ආයතනය පවසයි.

අසල්වැසි නේපාලයට සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ද කම්පන තත්ත්වට දැනී තිබේ.

ෂිගාට්සේ ටිබෙටයේ ශුද්ධ වූ නගරවලින් එකක් ලෙස සැළකේ.

එය ටිබෙට් බුද්ධාගමේ ප්‍රධාන චරිතයක් වන පංචෙන් ලාමාගේ සම්ප්‍රදායික ආසනය වන අතර ඔහුගේ අධ්‍යාත්මික අධිකාරිය දෙවැනි වන්නේ දලයි ලාමාට පමණි.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ භූමිකම්පාව රික්ටර් මාපකයේ 6.8 ට මදක් අඩුවෙන් සටහන්ව ඇති බව සහ පැහැදිලි කම්පන තත්ත්වයක් ඇති කළ බවයි.

භූ කම්පන‍යෙන් නිවාස 1,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇතැයි ද සඳහන් වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විඩියෝ සහ ඡායාරූප මගින් කම්පනයේ බලපෑමෙන් අර්ධ වශයෙන් කඩාවැටී ඇති ගොඩනැගිලි පෙන්නුම් කෙරේ.

එවරස්ට් කඳු පාමුල පිහිටා ඇති සහ උෂ්ණත්වය ඉතා අඩු ආපදා ප්‍රදේශයට ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා චීන ගුවන් හමුදාව යොදවා ඇතැයි වාර්තා වේ.

මේ වන විට එම කලාපයේ විදුලිය හා ජලය සැපයුම් විසන්ධි වී ඇති බව ද චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories