2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 16:07
නවතම පුවත්

‘ආචාර්ය’ පට්ටම් ගැන තවත් ආන්දෝලනයක්

කථානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය පිළිබඳ කම්පන සහගත හෙළිදරව්ව සහ ඔහුගේ දැඩි නිහඩතාවයෙන් දින කිහිපයකට පසු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අරුණ කරුණාතිලක ‘ආචාර්ය’ ලෙස හැඳින්වුවද ඔහුට ද එවැනි සුදුසුකම් නොමැති බව අනාවරණය වීමත් සමඟ නව ආන්දෝලනයක් මතුව තිබේ.

මීට අමතරව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර නම සමග පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ‘ආචාර්ය’ උපසර්ගය යොදා පසුව එය ඉවත් කිරීම ද සිදුව ඇති බව වාර්තා වේ.

අමාත්‍ය කරුණාතිලක ‘ආචාර්ය’ නමින් වැරදි ලෙස හැඳින්වූ බව බව තතු දත් මූලාශ්‍ර උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ වාර්තා කර ඇත.

ඇමැතිවරයා මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ගණිතය පිළිබඳ ආචාර්ය උපාධිය සඳහා සුදානමින් සිටින බව වාර්තා වේ.

ඔහු සිය නිබන්ධනය ඉදිරි මාස තුන ඇතුළත පමණක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවැසේ.

මේ අතර, මීට පෙර සභානායක කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල ලිපිවල අධිකරණ අමාත්‍යවරයා ද ‘ආචාර්‍ය’ යන නාමයෙන් යොමුකර තිබූ නමුත් එය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර තිබිණි.

කෙසේවෙතත් නීතිඥ හර්ෂණ නානායක්කාර කිසිදු අවස්ථාවක සිය මැතිවරණ ව්‍යාපාරයේදී තමාගේ නම සමග ‘ආචාර්ය’ යනුවෙන් යොදා නැති බව නිරීක්ෂණය වේ.

ජාතික ජන බලවේග ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වූ විද්වතුන් මහජනතාව රැවටීමට ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් භාවිත කර ඇති බවට එල්ලවන චෝදනා මධ්‍යයේ මෙම සිදුවීම් වාර්තා වේ.

මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් ඇති අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ දළ විශ්ලේෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු නිලධාරීන්ට මේ වන විට උපදෙස් ලැබී ඇති බව දැනගන්නට ඇත.

මේ අතර, කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ෆෙනෙන බව මේ වන විට සමගි ජන බලවේගය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ප්‍රකාශ කර ඇත.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories