2026 අප්‍රේල් 27 සඳුදා, 17:28
නවතම පුවත්

LPL තරඟාවලියට දින නියම කෙරේ.

නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා 2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL ) විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද (01) නිවේදනය කර ඇත.තරගාවලිය පැවැත්වෙන 6 වන අදියර මෙය වේ. තරඟ ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩාංගන තුනකදී පැවැත්වේ. 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සමඟ LPL පැවැත්වීමට අරමුණු කර ගෙන ඇති බව […]

ජපානයෙන් කෙටි දුර ලෝක වාර්තාවක්!

ජපානයේ හිරෝෂිමාහි පැවති අන්තර් පාසල් මලල ක්‍රීඩා තරගයකදී 16 හැවිරිදි සොරාටෝ ශිමිසු මීටර 100 ඉසව්වෙන් ලොව වේගවත්ම කාලය වාර්තා කරමින් ඉතිහාසගත ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. ඔහු වයස අවුරුදු 18න් පහළ ක්‍රීඩකයෙකු විසින් මීටර 100 තරගයකදී වාර්තා කළ ලොව වේගවත්ම කාලය වන තත්පර 10.00 සටහන් කිරීමට සමත් විය. මෙය ඕනෑම මීටර 100 ඉසව්වකදී ජපන් ක්‍රීඩකයෙකු විසින් වාර්තා […]

2025 ආසියානු කුසලාන T20 තරග කාලසටහන නිකුත් කෙරේ!

බලා සිටි 2025 ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නිල කාලසටහන මේ වනවිට නිකුත් කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 9 වනදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සමාරම්භක තරගය සැප්තැම්බර් 9 වනදා ඇෆ්ගනිස්ථානය සහ හොංකොං අතර පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට වැදගත් වන පරිදි, ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පළමු තරගයට […]

ජපාන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තුවේ ශ්‍රී ලංකාවට

ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම, එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා-පැසිෆික් කලාපීය තරගාවලියට පෙර සූදානමක් ලෙස, එළැඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය. මෙම සංචාරය අතරතුර විස්සයි20 තරග 7කට සහභාගී වීමට නියමිත අතර, මේ සඳහා ශ්‍රී ලංකාව නැගීඑන හා 19න් පහළ ක්‍රීඩකයින්ගේ එකතුවක් නම් කිරීමට කටයුතු කරමින් සිටී. අගෝස්තු මස 2 වැනිදා […]

මල්ලවපොර ලෝකශූර Hulk Hogan ජීවන තරඟාවලිය නිමකරයි.

මල්ලවපොර ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බදුවූ ලෝක ශූර හල්ක් හෝගන් ඊයේ (24 වනදා) මියගොස් ඇත. මියයන විට ඔහු 71වන වියේ පසු විය. හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් මරණයට හේතු වී ඇත. හෝගන්ගේ සැබෑ නම ටෙරී බොලියා වන අතර ඔහු අමෙරිකාවේ ජෝජියාහිදී උපත ලබා ඇත. 1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු […]

දසුන් සහ නුවන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් පසුගියදා (22 වැනිදා) යාවත්කාලීන කරන ලදි. එහිදී ශ්‍රී ලංකා හිටපු සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ ඇත. දසුන් ශානක පිතිකරණ ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන තුනකින් ඉදිරියට එමින් 75 වන ස්ථානය හිමි කරගෙන ඇත.එසේම […]

ඊගා ශ්වියොන්ටෙක් විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව දිනා ගනී

පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. ඇය අවසන් මහා තරගයේදී ඇමරිකාවේ ඇමැන්ඩා අනිසිමෝවා පරාජය කළේ වට 2-0 ක් ලෙසයි. ලන්ඩන්හිදී පැවති මෙම තරගයේ වට දෙකම ශ්වියොන්ටෙක් ලකුණු 6-0 ක් ලෙස පහසුවෙන් ජය ගත්තා. ලෝක ශ්‍රේණිගත කිරීම්හි 4 වන ස්ථානයේ පසුවන ඊගා ශ්වියොන්ටෙක් දිනාගත් පළමු විම්බල්ඩන් ටෙනිස් ශූරතාව […]

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි T20 තරගය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි-විස්ස (T20) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (ජූලි 13) රාත්‍රී 7.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අද තරගය ජයග්‍රහණය කිරීමෙන් ශ්‍රී ලංකාවට තරගාවලි ජය තහවුරු කර ගැනීමේ අවස්ථාව උදා වේ.

ලංකාවට පොදුරාජ්‍ය රන් පදක්කමක්

බ්‍රිතාන්‍යයේ වේල්ස්හිදී පැවැත්වෙන 2025 පොදු රාජ්‍ය මණ්ඩලයීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ඉතිහාසයේ පළවෙනි වරට රන් පදක්කමක් ශ්‍රීලංකාව සතු උනා. ඒ 12.5m Line Throw Event සදහායි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ඉසව්ව නියෝජනය කලේ කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් දෙදෙනායි.

තරගයේ සහ තරගාවලියේ වීරයා මෙන්ඩිස් ලංකාවට පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයක්

ඊයේ (ජූලි 08) දින බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලියේ ‘වීරයා’ සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් විය. විශේෂයෙන්ම, තෙවැනි එක්දින තරගයේ ‘තරගයේ වීරයා’ සම්මානයද ඔහු සතු වීම කැපී පෙනේ.මෙම තරගාවලිය පුරාවටම විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුසල්, පළමු එක්දින තරගයේදී ලකුණු 45ක් ලබා ගත්තේය. දෙවැනි තරගයේදී වේගවත් අර්ධ ශතකයක් […]