2026 අප්‍රේල් 27 සඳුදා, 15:46
නවතම පුවත්

සිම්බාබ්වේ පරදන්නට යන සිංහයින්ට මාලිගෙන් උපදෙස්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන සිම්බාබ්වේ සංචාරයට පෙර පැවැති පුහුණු සැසියට හිටපු තරඟකාර ලසිත් මාලිංග ඊයේ (19) එක්වූ අතර, කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ට තම විශේෂඥ දැනුම බෙදා දීමේ කටයුතු සිදු කළාය. කණ්ඩායම අනිද්දා (22) සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත අතර, එවිට දක්වා මාලිංග වේග පන්දු යවන්නන් සමග සමීපව වැඩ කරමින් උපදෙස් ලබා දීමට නියමිතය. මෙම […]

දකුණු ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියේ ශ්‍රී ලංකාව ආධිපත්‍ය පතුරයි!

භූතානයේ පැවති දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අවුරුදු 15, 17 සහ 23න් පහළ වයස් කාණ්ඩ තුනේම ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ. ඉදිරියෙන්ම පාකිස්තානය, භූතානය හා නේපාලය එරෙහිව සිය තරගවලට 5-0 සහ 4-1 ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ඒකල් සහ යුගල් තරගවල විශිෂ්ට දායකත්වය දැක්වූ දුමිඳු අබේවික්‍රම, රනිත්මා ලියනගේ, විරේන් නෙත්තසිංහ, රෂ්මි මුදලිගේ, […]

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය වෙනස් වෙයි

සිම්බාබ්වේ සංචාරය සහ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් සූදානම් කරන ශ්‍රී ලංකා සංචිතයෙන් දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, එෂාන් මාලිංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කළේය. ඉවතට යන අයට වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු, කමිල් මිෂාර, දුෂාන් හේමන්ත සහ විශේන් හැළඹගේ ඇතුළත් කිරීමට නියමිතය. ආබාධයෙන් පසු වනිඳු හසරංග තවම සංචිතයෙන් පිටවූ නමුත් ආසියානු කුසලානයට […]

111 වන ජාතික ටෙනිස් තරගාවලියේ ජය මෙත්වාන්ට හා ඩිනාරාට!

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේ දී මේ දිනවල පැවැත්වෙන 111 වන ජාතික ටෙනිස් තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ කේවල ශූරතාවය කොළඹ රාජකීය විද්‍යාලයේ මෙත්වාන් විජේමාන්න විසින් දෙවන වරටත් අඛණ්ඩව දිනා ගන්නා ලදී. ඔහු 18න් පහළ යුගල ශූරතාවයද දිනා ගැනීමට සමත් විය. කාන්තා 18න් පහළ කේවල ශූරතාවය කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයේ ඩිනාරා ද සිල්වා විසින් හතර […]

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව “නිල ඇඳුම් කට්ටල” එළිදක්වයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ නිල ඇඳුම් සහකරු Moose Clothing Company එක්ව නව ක්‍රිකට් කට්ටලය එළිදක්වීය. ජාත්‍යන්තර එක්දින, විස්සයි-20 සහ ටෙස්ට් තරග සඳහා නිර්මාණය කළ මෙම ඇඳුම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෙළෙඳසල් හරහා ක්‍රීඩා ලෝලීන්ට මිලදී ගත හැක. ටෙස්ට් ඇඳුම – සම්ප්‍රදායික සුදු වර්ණය, වැඩි සුවපහසුභාවය සහ වායු සම්ප්‍රේෂණය. එක්දින ඇඳුම – 80–90 දශකවල පරණ විලාසිතාව […]

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වාර්ෂික නිලවරණය කල්යයි!

අද (18) කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය දිනයක් නියම නොකර කල්තැබීමට තීරණය කර ඇත. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (වැ.ආ.) වී. ප්‍රේමචන්දිරන් මහතාගේ අධීක්ෂණයෙන් කටයුතු කරන නිලවරණ කමිටුව මේ සඳහා අදාළ තීරණය ගෙන තිබේ. එම තීරණය ගන්නට සිදුව ඇත්තේ නොවැළක්විය හැකි හේතුවක් හේතු කොටගෙන බවද පවසයි. ඉදිරියේදී නව […]

ග්‍රීන්ස් පරාජය කොට ග්‍රේස් ජය ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග වටයේ අවසන් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ඊයේ දිනයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් පිටියට පැමිණි ග්‍රීන්ස් පිල, චරිත් අසලංකගේ ග්‍රේස් පිලට ලකුණු 23ක ජයක් ලබා ගනිමින් ශූරතාව දිනා ගත්තේය. මුලින් පන්දුවට පහරදුන් ග්‍රීන්ස් කඩුලු […]

ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි-20 තරගාවලියේ ලීග් වටයේ අවසන් තරගය වූ ග්‍රීන්ස් සහ ග්‍රේස් කණ්ඩායම් අතර ඊයේ (අගෝස්තු 14) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගය වර්ෂාවෙන් මතුවූ බාධා නිසා නවතා දැමුණි. කාසියේ වාසිය ජයගත් ග්‍රීන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, වැසි නිසා තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 16කට සීමා කළාය. දෙපිළේම ජ්‍යෙෂ්ඨ […]

හයිඩර් අලී අත්අඩංගුවට

පාකිස්තාන ක්‍රිකට් පිතිකරු හයිඩර්ලී අලී එංගලන්තයේ මැන්චෙස්ටර් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඒ ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරුවෙකු ලෙසයි. පකිස්තාන ක්‍රිකට් ‘A’ කණ්ඩායම ජුලි මාසයේ එංගලන්තයේ සිදු කළ සංචාරයක් අතරතුර ඇති වූ සිද්ධියක් ඔහුට විරුද්ධව මෙම චෝදනා ගොනු වීමට හේතු වී ඇති බවයි මාධ්‍ය වාර්තා කර සිටියේ. පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ නිශ්චිත අදහසක් දක්වා නොමැති වුවත් […]

ආධුනික කායවර්ධන තරඟාවලියේ රන් පදක්කම් 04ක් ශ්‍රී ලංකාවට

කායවර්ධන ශූර හසිත අබේසේකර චීනයේ පැවැති IFBB Pro League ආධුනික කායවර්ධන තරගාවලියේදී රන් පදක්කම් 04ක් දිනා ගැනීමට සමත්වී ඇත. ආධුනික කායවර්ධන සහ ආධුනික ක්ලැසික් යන අංශ දෙකෙහිම රන් පදක්කම්ද, කලාපීය අංශයේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමටද ගැනීමට ඔහු සමත් වුණා.