2026 අප්‍රේල් 27 සඳුදා, 18:55
නවතම පුවත්

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් විනිසුරු බිස්මිල්ලා ජාන් ෂින්වාරි දිවිසැරිය නිම කරයි.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ගෞරවනීය ඇෆ්ගනිස්ථාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු බිස්මිල්ලා ජාන් ෂින්වාරි මහතා වයස අවුරුදු 41 දී අභාවප්‍රාප්ත වූ බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (ACB) විසින් වාර්තා කර ඇත. ක්‍රිකට් ලෝකයට විශාල සේවයක් කළ එතුමාගේ වියෝව සමස්ත ඇෆ්ගන් ක්‍රිකට් පවුලටම මහත් ශෝකයක් ගෙන දී තිබේ.ෂින්වාරි මහතා සිය වෘත්තීය ජීවිතය තුළ එක්දින ජාත්‍යන්තර (ODI) තරග 34ක් […]

කඩුලු 100 සහ ලකුණු 1000 – වනිඳුගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වේගවත්ම කඩුලු 100 සහ ලකුණු 1000 ද්විත්වය ලබා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමින් ඉතිහාසයට එක් වුණා.27 හැවිරිදි ඔහු මේ විශිෂ්ට ජයග්‍රහණය අත්කර ගත්තේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවන එක්දින තරගයේදීයි.අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ෂෝන් පොලොක් අභිබවා යමින් හසරංග […]

පාපන්දු ලෝකයට කම්පනයක් – ඩියෝගෝ ජෝටා සහ සහෝදරයා රිය අනතුරකින් මරුට

ලිවර්පූල් ප්‍රිමියර් ලීග් පාපන්දු සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩක, 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා සහ ඔහුගේ 26 හැවිරිදි සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක ඇන්ඩ්‍රේ ද සිල්වා, අද (ජූලි 03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේදී සිදුවූ ඛේදනීය මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔවුන් ගමන් ගත් ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර […]

ශ්‍රී ලංකාවේ පාපැදියේ පුරාවෘත්තයක් වූ සුමනවීර දිවිසැරිය නිමකරයි

ශ්‍රී ලංකා පාපැදි ඉතිහාසයේ අමරණීය නාමයක් වූ, රත්නපුරයෙන් බිහි වූ ප්‍රවීණතම පාපැදි ශූරයා වන ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට වාර්තා වේ. සුමනවීර මහතා, “ලංකා සවාරිය” සහ “ලක් පොහොර පාපැදි සවාරිය” වැනි දිවයිනේ ප්‍රධානතම පාපැදි තරග රැසක් ඇතුළුව, පාපැදි තරග 1000කට වැඩි සංඛ්‍යාවක් ජයග්‍රහණය කරමින් වාර්තා පොත් අතරට එක් විය. විශේෂයෙන්ම, ඔහු පාපැදි ක්ෂේත්‍රයේ […]

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

ශ්‍රී ලංකා පිල සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ජයග්‍රහණය කර තිබේ. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය. SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ […]

ඉන්දියානුවන්ගේ ක්‍රිකට් උමතුව

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ, එක්දින තරගයක හා විස්සයි20 තරගයක ප්‍රවේශපත් දැනටමත් අලෙවි වී ඇති බවයි. මෙලෙස අවසන් වී ඇත්තේ සිඩ්නි හිදී පැවැත්වෙන එක්දින තරගයේ සහ කැන්බරා හිදී පැවැත්වෙන විස්සයි20 තරගයේ ප්‍රවේශපත් බව සඳහන් වේ. ඉන්දීය කණ්ඩායම එක්දින තරග 3කින් හා විස්සයි20 තරග 5කින් යුත් තරගාවලියක් සඳහා […]

T 20 ලෝක කුසලානයේ තෑගි මුදල් ක්‍රිකට් ආයතනය සඟවගෙන – ක්‍රීඩකයින් රට හැර ගිය හේතුව හෙළිවෙයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය අවසන් වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඕමාන් ක්‍රීඩකයින්ට හිමි වූ ත්‍යාග මුදල තවමත් ඔවුන් අතරේ බෙද‍ා දී නොමැති බව එම ක්‍රීඩකයින් පවසනවා. එම ක්‍රීඩකයින් පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇමරිකානු ඩොලර් 225,000ක ත්‍යාග මුදල ඕමාන් ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇති නමුත් තවමත් එම ත්‍යාග මුදලින් ක්‍රීඩකයින්ට […]