ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි !

සිම්බාබ්වේ සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සය් විස්ස සංචිතය නිකුත් කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් ක්‍රීඩා කිරීමට නියමිත මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වන අතර නවකයින් ලෙස විෂේන් හැලඹගේ සහ කමිල් මිශාර ද කැඳවා ඇත. සංචිතයේ අනෙකුත් සුවිශේෂී නාම අතර පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නුවනිදු ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, දුනිත් […]
23න් පහළ ආසියානු පාපන්දු කුසලාන සටනට ශ්‍රී ලංකාව සූදානම්

ආසියානු පාපන්දු සම්මේලනයේ ආයෝජනයෙන් සැප්තැම්බර් 01 සිට 11 දක්වා කිර්ගිස්තානයේ දී පැවැත්වෙන 23න් පහළ ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට සූදානම් වී ඇත. මෙම තරගාවලියේ අරමුණ “ඉදිරි ආසියානු කුසලානට සුදුසු ක්‍රීඩකයින් තෝරා ගැනීම” ය. ශ්‍රී ලංකාව මුලික වටයේදී ඊ කාණ්ඩය යටතේ කිර්ගිස්තානය, පලස්තීනය සහ උස්බෙකිස්තානයට එරෙහිව සටන් වැදීමට නියමිතය. තරග […]
සැම්පාට අයි.සී.සී.යෙන් අප්‍රසාද ලකුණක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නා ඇඩම් සැම්පාට අප්‍රසාද ලකුණක් (Demerit Point) ලබා දී ඇත. පසුගිය දින දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයකදී සැම්පා විසින් තරග නීතිවලට ගැළපෙන ආකාරයට නොවන වචන භාවිතා කිරීම හේතුවෙන් මෙම දඩයෝජන ක්‍රියාත්මක කර තිබේ. ICC නියමයන්ට අනුව, මෙය ක්‍රීඩක ආචාරධර්ම කඩ කිරීමක් ලෙස සලකා බලනු ලැබීය.
සිම්බාබ්වේ තරගයට ශ්‍රී කණ්ඩායම සූදානම්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිම්බාබ්වේ සටන ශ්‍රී ලංකා කණ්ඩායමට සූදානම්වීමට හොඳම අවස්ථාවක් බව එක්දින සහ විස්සයි-20 නායක චරිත් අසලංක සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී මාධ්‍යට අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, මෙම තරගාවලිය තුළින් සියලු අඩුපාඩු සකසාගෙන ආසියානු කුසලානය සහ ලෝක කුසලානයට ශක්තිමත් කණ්ඩායමක් ලෙස පිවිසීම තමන්ගේ සහ කණ්ඩායමේ බලාපොරොත්තුව බවය. අසලංක වැඩිදුරටත් […]
කාන්තා ලෝක කුසලාන කාලසටහනේ මූලික තරගය ශ්‍රී ලංකා ඉන්දියා අතර!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නිවේදනයක් අනුව, ඉන්දියාව සහ ශ්‍රී ලංකා කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා නව සංශෝධිත කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, මුල් සැලැස්මට අනුව තරග පැවැත්වීමට නියමිත බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය ඉවත් කර, ඊට ප්‍රතිස්ථානයක් ලෙස මුම්බායිහි DY පටිල් ක්‍රීඩාංගණය තෝරාගෙන ඇත. මෙවර ලෝක කුසලාන සඳහා ශ්‍රී ලංකාව හා […]
නදීෂාට ආසියානු හෙල්ල විසි තරගයෙන් රිදී පදක්කමක්!

දකුණු කොරියාවේ පැවැත්වෙන 2025 ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නදීෂා ලේකම්ගේ දීප්තිමත් දක්ෂතාවයක් පෙන්නුම් කරමින් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඇය විසිකර දැමූ හෙල්ල දුර මීටර් 57.53 ලෙස සටහන් වූ අතර, එය ඇගේ ක්‍රීඩා දිවියේ වැදගත් සංකේතකාර්ථක දක්ෂතාවයක් ලෙස සලකයි.
ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් නොවැම්බරයේ දී!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ හොකී තරගාවලිය ලෙස හඳුනාගත් ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් දෙවැනි අදියර, එළැඹෙන නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය සංවිධානය කරන්නේ නෙක්ස්ට් ජෙන් හොකී සංවර්ධන සංවිධානය වන අතර, ශක්තිමත් කණ්ඩායම් 9ක් එයට එක්වීමට නියමිතය. විශේෂයෙන්ම, ඉන්දියාව, බංග්ලාදේශ්, නේපාලය සහ පාකිස්තානය යන රටවල ප්‍රමුඛ ක්‍රීඩකයින්ද මෙහිදී සහභාගී වනු ඇත. තරගවලිය කොළඹ […]
සිම්බාබ්වේ තරගය සඳහා එක් දින සංචිතය නම් කරයි

මේ මස 29 වැනිදා ආරම්භ වන සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරග 2කින් සමන්විත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින පිල නම් කර තිබේ. උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව මෙහිදී නවතම ක්‍රීඩකයන් දෙදෙනෙකුට පවන් රත්නායක සහ නුවනිඳු ප්‍රනාන්දු අදාල පිලට කැඳවීම් සිදු කළේය. ඉකුත් බංග්ලාදේශ තරගාවලියේදී තුවාල ලබා සිටින තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග තවමත් සුව […]
මහේෂ් පරදා කේෂව් ඉදිරියට!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණට අයිතිව සිටි ප්‍රථම ස්ථානය අහිමිව තිබේ. ඒ සමග දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නා කේෂව් මහරාජ් එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත් ව තිබේ. මෙම වෙනසට හේතුව වූයේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින තරගාවලියේ ප්‍රථම තරගයයි. […]
17න් පහළ ශ්‍රී ලංකා ලීග් තරගය අද ගාල්ලේදී

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම සඳහා නව දක්ෂයින් තේරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17 න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලිය අද (20) ගාල්ලේදී ආරම්භ විය. මෙවර තරගාවලියට කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, මහනුවර සහ ගාල්ල කණ්ඩායම් 5 ක් සහභාගි වන අතර, ලීග් ක්‍රමය යටතේ ක්‍රීඩා […]