2026 අප්‍රේල් 24 සිකුරාදා, 00:58
නවතම පුවත්

දෙවන විස්සයි විස්ස ජය සිම්බාබ්වේට !

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරඟය ඊයේ දිනයේ දී පැවැත්විණි. මෙහිදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අවසන් වූයේ සියලු දෙනා දැවී ලකුණු 80ක් රැස් කරමින් ය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු පහක් දැවී ලකුණු 85ක් සම්පූර්ණ කරමින් තරගයේ […]

ශ්‍රී ලංකා සිම්බාබ්වේ දෙවන විස්සයි විස්ස අද !

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (6) හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතය. පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලියේ 1-0කින් පෙරමුණ ගෙන සිටින අතර, අද තරගය ද ජය ගැනීමට සමත් වුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීත් තරගාවලියේ ජය තහවුරු […]

ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් මහානාම ඉල්ලා අස්වෙයි !

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත. රොෂාන් මහානාම මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රමුඛ පෙළේ පිතිකරුවෙකු වශයෙන් කීර්තිමත් වූ අතර, පසුගිය කාලය පුරා ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධ වගකීම් ද ඉටු කර තිබේ. මෙය ඔහුගේ පෞද්ගලික හේතු සාධකයක් මත ගත් තීරණයක් වන බව සදහන් වේ.

මිචෙල් ස්ටාක් සහ අසිෆ් අලි විස්සයි විස්ස පිටියට සමුදෙයි !

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාක් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. ඔහු විස්සයි විස්ස තරග 65ක් තරග කොට ඇති අතර, 2024 ලෝක කුසලානයේදී අවසන් වරට ඕස්ට්‍රේලියාව නියෝජනය කළේය. ස්ටාක් මෙම තීරණය ගත්තේ 2027 එක්දින ලෝක කුසලානය සහ අරමුණු කර ඇති ඉදිරි ටෙස්ට් තරග මාලාවන් සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීමට […]

රෂිඩ් ඛාන්ගෙන් නව ලෝක වාර්තාවක් !

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ප්‍රමුඛ දඟපන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන්, ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ නව ලෝක වාර්තාවක් ස්ථාපිත කිරීමට සමත් විය. රෂිඩ් ඛාන් තරග 98ක් තුළින් කඩුලු 165ක් ලබා ගනිමින්, ඉතිහාසයේ විස්සයි විස්ස තරගවල වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට පත්වී ය. මෙය සම්පූර්ණ කිරීමට පෙර වාර්තාව තබා තිබූයේ නවසීලන්ත වේග පන්දු යවන්නෙකු වූ ටිම් සවුති […]

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු විස්සයි විස්ස අද !

ශ්‍රී ලංකා සංචාරක කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (03) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.00ට සිම්බාබ්වේ දී ආරම්භ වීමට නියමිතය. දකුණු ආසියානු කුසලාන තරගාවලියට පෙර මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට තරග සූදානමක් වශයෙන් වාසි ගෙන දෙනු ලබන තරගාවලියක් ද වේ. මේ තරග මාලාව තුළින් කණ්ඩායමට නව […]

ලෝක මලල ක්‍රීඩා ශූරතා සඳහා නදීශා රාමනායකට වරම් !

ඉදිරි ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම ජාතික කාන්තා 400 මීටර් ධාවන ශූරිය නදීශා රාමනායකට හිමි වී ඇත. අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ මූලධර්මයන්ට අනුකූලව සැප්තැම්බර් 13 සිට 21 දක්වා ජපානයේ ටෝකියෝ නගරයේ දී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නමින් නදීශා රාමනායකගේ නම නිර්දේශ කර ඇත. පෙර […]

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පලමු තරගයේ ජය ශ්‍රී ලංකාවට !

සිම්බාබ්වේ සංචාරය ආරම්භයේදී පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 07 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. පන්දුවට පහරදූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 298ක සාර්ථක ඉනිමක් රැස් කළේ ය. පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක […]

ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ කණ්ඩායමට යන නිකවැරටියේ නෙත්මි !

නිකවැරටිය ජයන්ති විද්‍යාලයේ ඉගෙනුම ලබන නෙත්මි උපේක්ෂා ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට තේරී පත් වී ඇත. ඇය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා 19න් පහල කාන්තා කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබා තිබේ.

ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින තරගාවලිය අද !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරන පළමු එක්දින තරගය අද (29) හරාරේ හිදී පැවැත්වේ. මෙම තරගාවලියට නම් කෙරුණු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට පළමු වතාවට කැඳවී ඇති පවන් රත්නායක සහ කලකට පසු නැවත එක්වූ නුවනිඳු ප්‍රනාන්දු සම්බන්ධ වී සිටියි. ඔවුන් දෙදෙනාට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමටත් ජාත්‍යන්තර මට්ටමේ නවක පිතිකරුවන් අත්හදා බැලීමේ වැදගත් අවස්ථාවක් මෙය […]