2026 අප්‍රේල් 28 අඟහරුවාදා, 23:31
නවතම පුවත්

තුන්වැනි තරගය වර්ෂාවට හේදෙයි -ශ්‍රී ලංකාවට එක්දින තරගාවලියේ ජය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. ඒ අනුව, තරග තුනකින් යුත් එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගන්නා ලදී. තුන්වැනි තරගය ඊයේ (19) පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී ආරම්භ වූ අතර පළමුව නවසීලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය. නවසීලන්ත ඉනිමේ 21 වැනි පන්දුවාරයේදී තරගය⁣ට වර්ෂාවෙන් […]

FIFA ලෝක කුසලානයට සවුදි අරාබියෙන් සුපිරි ක්‍රීඩාංගණයක්

2034 වසරේ සවුදි අරාබියේදී පැවැත්වීමට නියමිත FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සවුදි අරාබියේ ඉදිකිරීමට නියමිත නව පාපන්දු ක්‍රීඩාංගණයේ සැලැස්ම ඊයේ පළමුවරට මාධ්‍යට නිකුත් කළේය. මෙම ක්‍රීඩාංගණය 2029 වසරේදී ඉදිකර අවසන් කිරීමට නියමිතයි. 2034 වසරේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සත්කාරකත්වය ලබාදීමට නිතරගයෙන් තේරී පත්වී ඇත්තේ සවුදි අරාබියයි. ඒ සත්කාරක රට තෝරාගැනීම වෙනුවෙන් 2023 […]

නවසීලන්‍තය හා අවසන් එක්දින තරගය අද

සංචාරක නවසීලන්ත පිල හා ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද පස්වරු 02.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. අද තරගය සඳහා පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.ඒ ඉදිරි දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ක්‍රීඩා කිරීම සඳහා ඔහුන් දිවයිනෙන් පිටව යාමත් සමගයි. […]

ජේක් පෝල් හමුවේ පරාජය වීම ගැන ටයිසන්ට පසුතැවීමක් නැතිලු

ජේක් පෝල් හමුවේ තමන් පරාජය වුවද තමාට කිසිදු පසුතැවිල්ලක් නොමැති බවත් එය තම අවසන් තරඟය බවත් ජනප්‍රිය බොක්සිං ක්‍රීඩක මයික් ටයිසන් පවසා තිබේ. 58 හැවිරිදි ඔහු සෙනසුරාදා ටෙක්සාස් හි පැවති තරඟයකදී 27 හැවිරිදි පෝල් හමුවේ පරාජය විය. “මෙය පැරදුණුත් ජයග්‍රහණය කළ අවස්ථාවලින් එකක්. ඊයේ රාත්‍රියට මම කෘතඥ වෙනවා. බොක්සිං වළල්ලට මම ආවේ අවසන් වරට කියලා […]

ජාතික ඔලිම්පික්‌ කමිටුවට ආසියාවෙනුයි ලෝකෙනුයි දැඩි බලපෑම්

ඔලිම්පික් ක්‍රියාවලියේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම අරමුණු කරගත් ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුවේ නිර්දේශ මත ක්‍රියා කරන ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ඉල්ලීම් හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය උභතෝකෝටිකයකට මුහුණ දී සිටී. ආචාර ධර්ම කමිටුව නිර්දේශ කර ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ විනය විරෝධී හැසිරීම් සහ […]