2026 අප්‍රේල් 28 අඟහරුවාදා, 22:17
නවතම පුවත්

IPL ඉතිහාසයේ වැඩිම මුදලකට රිෂාබ් පන්ට් විකිණෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දියාවේ රිෂාබ් පන්ට් පත්විය. ඒ, 2025 IPL තරගාවලිය සඳහා වූ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 26.75කට අලෙවි වෙමින් එම වාර්තාවට හිමිකම් කියූ ශ්‍රේයාස් අයියර් අභිබවා යමිනි. පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ශ්‍රේයියර්ස් අයියර් මිලදී ගත් අතර, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම රිෂාබ් පන්ට් ඉන්දීය රුපියල් කෝටි 27 කට […]

IPL ක්‍රීඩක වෙන්දේසිය අද

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (24) සහ හෙට (25) සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැත්වෙයි. IPL ක්‍රීඩක වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන අතර ක්‍රීඩක වෙන්දේසිය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය. 2025 IPL ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස 14 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඊට […]

දසුන්ගෙන් අනුකම්පා විරහිත සුපිරි ඉනිමක්

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවති සම්ප් ආමි කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමට දසුන් ශානක ක්‍රීඩාකළ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට සිදුවිය. පළමුව පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 106ක් රැස්කිරීමට සමත් විය. ඔවුන් මෙම ඉනිම ගොඩනැගුවේ පළමු පන්දුවාර 7ට ලකුණු 49ක් පමණක් රැස්කර සිටීමෙන් අනතුරුව […]

මීට පස්සෙ ගස් නැගලා මැච් බලන්න බෑ

රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අන්තර්ජාතික තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට ගස් මුදුන්වලට නැගීම තහනම් කිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ. රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ කළමනාකාරීත්වයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව, ප්‍රවේශපත්‍ර නොමැතිකම හේතුවෙන් ආපසු හැරී ගිය ප්‍රේක්ෂකයෝ තරඟ නැරඹීමට වාසිදායක ස්ථානයක් ලෙස ක්‍රීඩාංගණයේ ‘එෆ්’ කලාපයේ පිහිටි උස ගස් වෙත නැග තරග නැරඹීමට පුරුදුව සිටිති. […]