කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (නොවැම්බර් 02) පස්වරු 3.00ට නවි මුම්බායි (Navi Mumbai) ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරගය පැවැත්වෙන්නේ සත්කාරක ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතරය. දෙවන අවසන් පූර්ව තරගයේදී හත් වතාවක් ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය […]
2026 T20 ලෝක කුසලාන සූදානම නිසා LPL 2025 කල් යයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සත්කාරකත්වය දරන 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා රටේ ක්‍රීඩාංගණ සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළට පූර්ණ අවධානය යොමු කිරීමේ අරමුණින්, මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2025 තරඟාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) තීරණය කර ඇත. SLC නිවේදනය කළේ, ලෝක කුසලානයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් […]
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම අවසන් පූර්ව වටයට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ මූලික වටයේදී ක්‍රීඩා කළ තරග තුනම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී ඇත. මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම චීනයට එරෙහිව ලකුණු 34-7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බලගතු ජපානය සමඟින් තරග වැදීමට නියමිතය.
යෙවාන් ඩේවිඩ්ට වාර්තාගත ජයක්

ශ්‍රී ලංකාවේ යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ්, යූරෝ ෆෝමියුලා විවෘත (Euroformula Open) තරගාවලියේ රුකී ශූරතාව දිනා ගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කළේ ඉතාලියේ මොන්සාහිදී පැවති තරගාවලියේ 8 වැනි අදියරේ දෙවන තරගයේදී දෙවන ස්ථානය දිනා ගැනීමෙනි. යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියක රුකී ශූරතාව දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස යෙවාන් […]
කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයේ රැඳෙයිද ?

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතා තීරණාත්මක තරගයක් අද (ඔක්තෝබර් 17) දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතය. මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ සත්වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තේ ප්‍රසාද ලකුණු දෙකක් පමණි. අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව රඳා පවතින්නේ අද තරගය සහ ඉතිරි තරග දෙක […]
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 64වන වියේ පසුවිය. 1986 වසරේ දී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් ජයනන්ද වර්ණවීර මහතා වසර 8කට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කළේය. පන්දු යවන්නෙකු ලෙස ඉහළ දක්ෂතා දැක්වූ හෙතෙම 1994 වසරේ දී ක්‍රිකට් පිටියෙන් […]
එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කරයි

2025 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11) පැවැත්වේ. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ. මෙම තරගය පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ 12 වන තරගය වන මෙය, කණ්ඩායම් දෙකම සහභාගී වන තුන්වන තරගයයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ […]
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපති ලෙස පවිත්‍ර ප්‍රනාන්දු පත් වෙයි

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස හිටපු ජාතික රග්බි ක්‍රීඩක පවිත්‍ර ප්‍රනාන්දු මහතා අද (08) තේරී පත් විය. නව සභාපතිවරයා තෝරා ගැනීමේ නිලවරණය අද පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වා තිබේ. මෙවර නිලවරණය පැවැත්වුණේ සංශෝධිත නව රෙගුලාසි යටතේය. මෙම නිලවරණයට එරෙහිව පැවති අධිකරණ ක්‍රියාදාමයන් අවසන් වූ බැවින්, කිසිදු බාධාවකින් තොරව නිලවරණය පවත්වන බවට රග්බි […]
දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට අධිචෝදනා

ඉකුත් 2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියකට අදාළව, ඇප මත සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකය අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙලෙස අධිචෝදනා ගොනු කිරීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශ සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසි තමිම් රහ්මාන් නැමැත්තාටයි. […]
ඉන්දියාව ආසියානු කුසලානය දිනාගනී

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවති අතර ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයට කඩුලු 5 කින් ජය ගනිමින් කුසලානය දිනා ගෙන ඇත. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පාකිස්ථානට ආරාධනා කළේය. එහිදී පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19 පන්දු 1 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 146 දක්වා පමණක් ලබාගත්තේය. පන්දුවට පහරදීමේදී […]