2026 අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා, 18:15
නවතම පුවත්

ධම්මික ප්‍රසාද්ට අමෙරිකාවෙන් ලොකු වගකීමක්

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වේගපන්දු යවන්නෙකු වන ධම්මික ප්‍රසාද් හට ඇමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැදගත් වගකීම් රැසක් පිරිනමා තිබේ. එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ඔහුව ඇමෙරිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර ඇති අතර, ඊට අමතරව සහායක පුහුණුකරු ලෙස ද කටයුතු කිරීමේ අවස්ථාව ඔහුට හිමිව ඇත. 2026 ලෝක කුසලාන […]

ශ්‍රී ලංකා – ඉන්දියා කාන්තා දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (දෙසැම්බර් 23) පැවැත්වීමට නියමිතය. මෙම තරගය ඉන්දියාවේ විෂාකාපට්නම් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ. දෙරට අතර පසුගිය දෙසැම්බර් 21 වනදා පැවැති පළමු විස්සයි20 තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම ජය හිමිකර […]

ක්‍රිකට් තේරීම් කමිටුව නීත්‍යානුකූලයි..! හිතවත්කමට පත් කරලා නෑ..!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල පටිපාටියකට අනුව සිදු කළ බවත්, එහිදී පුද්ගල හිතවත්කම්වලට ඉඩක් නොදුන් බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කරයි. ඒ අනුව, ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යළිත් පත් කර ඇති බව අමාත්‍යාංශය තහවුරු […]

දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 30ක නොතිබූ ජයක්

සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී අද (නොවැම්බර් 16) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 30ක නොතිබූ ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. මෙහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබාදුන් ලකුණු 124ක පහසු ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දියාවට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 93ක් පමණි. ඉන්දීය දෙවන ඉනිම සම්පූර්ණයෙන් විනාශ කර […]

මතීෂ ගැන චෙන්නායි තීරණයක් ගනියි

2026 IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රඳවාගන්න හා නිදහස් කරන ක්‍රීඩකයන් නිවේදනය කර තිබේ.ඒ අනුව මෑත කාලය තුළ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්ව සිටි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන තරගාවලියේ දී තම සංචිතයෙන් නිදහස් කිරීමට එහි පාලනාධිකාරිය තීරණය […]

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු එක්දින තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබේ. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක සමත්විය.ඒ අනුව, ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. තරගය පැවැත්වෙන්නේ පාකිස්තානයේ රාවල්පින්ඩි හිදීය.අද තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක පහතින් දැක්වේ:

පාකිස්තාන වේගපන්දු ක්‍රීඩක නසීම් ෂා ගේ නිවසට වෙඩි තියලා

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු ක්‍රීඩක නසීම් ෂා ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊයේ (නොවැම්බර් 10) අලුයම මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරකයින් නිවසේ ගේට්ටුවට වෙඩි තබා පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ. ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට […]

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ.රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය.දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5න් තරග 3ක ජය පාකිස්ථාන කණ්ඩායම හිමිකරගෙන ඇති අතර එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ.දෙරට අතර එක්දින තරගාවලිය තරග 3කින් සමන්විතය.

ජාතික වොලිබෝල් තේරීම් කමිටුවට සාමාජිකයන් පත් කරයි

ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කර තිබේතරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රධානත්වයෙන් ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කිරීම සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දී සිදු කර ඇති බව සඳහන්ය. ඒ අනුව ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ සභාපති ලෙස උදේනි ප්‍රියදර්ශනී පත් කර තිබේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ […]

උඩපන්දුවක් අල්ලන්න ගිහින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් මරුට

මිනුවන්ගොඩ, අලුතෝපල ප්‍රදේශයේ ක්‍රීඩා පිට්ටනියක පැවති ක්‍රිකට් තරඟයක් අතරතුර සිදුවූ අනතුරකින් 41 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ මෙම අනතුර සිදුව ඇත්තේ, තරඟය අතරතුර පන්දුවක් උඩින් ඇල්ලීමට (Catch) උත්සාහ කිරීමේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු එකිනෙකා ගැටීමෙන් බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිය තුවාල හේතුවෙන් මියගොස් ඇත. මෙසේ […]