2026 අප්‍රේල් 28 අඟහරුවාදා, 19:19
නවතම පුවත්

ඉන්දියා – ශ්‍රී ලංකා සටන අද

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය බංග්ලාදේශය හා පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැත්වේ. එමෙන්ම ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව සමගින් සාජාහිදී පැවැත්වේ. මෙම තරගය දෙකම මෙරට වේලාවෙන් පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතව ඇත.

මැක්ස්වෙල්ට එරෙහි පෙත්සම ලබන 18 යළි කැඳවීමට නියෝග

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළේය. ශ්‍රී ලංකා පාපැදී සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරී ආරච්චිගේ සහ ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි. […]

ශ්‍රී ලංකාවට ලකුණු 7ක තියුණු ජයක්

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 11 වැනි වරටත් සංවිධානය කරනු ලබන අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිල සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග අවසාන පූර්ව තරගය සඳහා ද සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබිණි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ […]

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් අත්අඩංගුවට

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකු ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන ඇත. ලොන්වබෝ ටෝස්ට්, තාමී සොලෙකිල් හා එති බලාටි යන ක්‍රීඩකයන් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. වසර අටකට පමණ පසු දකුණු අප්‍රිකා අපරාධ විමර්ශන අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස මුදල් ලබාගෙන තරග පාවාදීමට සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අවස්ථා තුනකදී තරග පාවාදී ඇති බව හෙළිව තිබේ. […]

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල අද තිරණාත්මක අවසන් සටනට

යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අද බංග්ලාදේශයට එ⁣⁣රෙහිව පැවැත්වේ. ඩුබායි හි පැවැත්වෙන එම තරගය පෙරවරු 10.30 ට ආරම්භ විමට නියමිතව තිබේ. බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩා⁣යම තරගාවලියේ සහභාගි වූ පළමු තරග ද්විත්වය ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.

ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට

ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම තරගාවලියක් සඳහා ඉකුත්දා ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඔවුන් තරගාවලිය වෙනුවෙන් කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේ දී ඉකුත්දා සිය අවසන් පුහුණු සැසියට එක්වුණි. ඉන්දීය ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමග ඔවුන් එක්දින තරගාවලියකට සහභාගි වීමට නියමිතව තිබේ. මෙම තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ය. මෙම ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමට නායකත්වය […]