2026 අප්‍රේල් 29 බදාදා, 18:02
නවතම පුවත්

සෞඛ්‍ය සේවයට හෙට සිට අලුතින් 213ක්

දිගු කලක් තිස්සේ පවතින පුරප්පාඩු පියවීම වෙනුවෙන් රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා අලුතින් තෝරාගත් 213 දෙනෙකුට හෙට (27) දින පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. 2021 වසරේදී පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ මෙම බඳවා ගැනීමේ විවෘත තරග විභාගය අවසානයේ පවත්වනු ලැබුවේ පසුගිය 2025 වසරේදීය. මෙම බඳවා ගැනීම් සඳහා මුලින් අවසර හිමිව […]

අද පෙරවරුවේ සිට GMOA අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (26) පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ ක්‍රමවේද පහක් ඔස්සේ මෙම විරෝධතාව ක්‍රියාත්මක වන බවයි. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යටතේ රෝහල් පද්ධතිය තුළ නොමැති […]

දෙහිඅත්තකණ්ඩිය සමුපකාරයේ බලය පොදු විපක්ෂයට

අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩිය සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය සමත්ව තිබේ. සභාපතිවරයා ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා වූ නිලවරණය ඊයේ (24) දෙහිඅත්තකණ්ඩිය සමුපකාර පරිශ්‍රයේදී පවත්වනු ලැබුවේ සහකාර සමුපකාර කොමසාරිස් නලින් මහි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේය. මෙම නිලවරණයේදී සාමාජිකයින් 72 දෙනෙකු […]

ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ දරුණු රිය අනතුරුවලින් කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙම මාරක අනතුරු අක්මීමන, සේරුනුවර, කිලිනොච්චිය සහ වාරියපොල යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 86.6 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෝටර් රථයක් ආරක්ෂක වැටෙහි ගැටී පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් වත්තල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත. අනතුරින් […]

මියන්මාර මැතිවරණයේ තෙවන අදියරෙහි ඡන්දය ප්‍රකාශ කිරීම අද

මියන්මාර මහමැතිවරණයේ තෙවන සහ අවසාන අදියරේ ඡන්ද විමසීම අද (25) පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මැතිවරණයේදී හමුදාවේ පූර්ණ සහයෝගය ලබන පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. කෙසේ වෙතත්, මෙම මැතිවරණය නිදහස් හෝ සාධාරණ එකක් නොවන බවත්, මෙය හුදෙක් එරට පවතින හමුදා පාලනය නීත්‍යානුකූල කිරීම සඳහා ගන්නා උත්සාහයක් බවත් […]

අමෙරිකාවේ ප්‍රබල හිම කුණාටුව හේතුවෙන් ප්‍රාන්ත 21කට හදිසි තත්ත්වයක්

ඇමෙරිකා එක්සත් ජනපදය පුරා හමායන ප්‍රබල හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රාන්ත 21ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දරුණු කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, තවත් ගුවන් ගමන් 8,700කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී තිබේ. මීට අමතරව පාසල් වසා දැමීමටත්, […]

නුවරඑළියට දෙස් – විදෙස් ජන ගඟක්

සතිඅන්ත නිවාඩුව හේතුවෙන් මේ දිනවල නුවරඑළිය නගරය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පවතී. විශේෂයෙන්ම අලුයම් කාලයේ නුවරඑළිය ප්‍රදේශයට පතිත වන මල්තුහින දැකබලා ගැනීම සඳහා සංචාරකයන් විශාල උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, පසුගිය ජනවාරි 22 වනදා නුවරඑළියෙන් සෙල්සියස් අංශක 3.5 ක අවම උෂ්ණත්වයක් වාර්තා වූ අතර, එය 2009 වසරෙන් පසු එනම් වසර […]

බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය විදෙස් කතක් දියේ ගිලී මරුට

බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවූ රුසියානු ජාතික කාන්තාවකි. ඇය තවත් විදෙස් ජාතිකයින් පිරිසක් සමඟ බෙන්තොට මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු […]

වෛද්‍ය වැඩ වර්ජනය තවත් පැය 24ක් දක්වා දීර්ඝ කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඊයේ (23) ආරම්භ කරන ලද වැඩ වර්ජනය තවත් පැය 24ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජය තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව දිවයිනේ ප්‍රධාන සහ උප ප්‍රධාන රෝහල් ඇතුළු සියලුම රජයේ රෝහල්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව […]

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩතහනම්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරය හෙබවූ චමින්ද කුලරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක්කර තිබේ. ඊයේ (23) සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි. වාර්තා වන අන්දමට, මෙම වැඩතහනමට මූලික හේතුව වී ඇත්තේ ඔහුගේ පත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතු වී ඇති යම් ගැටලුකාරී තත්ත්වයකි. ඒ […]