කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයට රැගෙන යයි

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායන ශිල්පිනී කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය, අවසන් ගෞරව දැක්වීම සඳහා අද උදෑසන කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබීය. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මෙම අවමංගල්‍ය උළෙල සඳහා මේ වන විටත් කලාකරුවන් මෙන්ම විශාල ගුණානුස්මරණ ජනතාවක් එක්ව සිටිති. බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කර තිබූ දේහය […]
ඩග්ලස් දේවානන්දා බන්ධනාගාර රෝහලට
ගිනි අවි සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ මහතා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇති බවයි. පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩග්ලස් දේවානන්දා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ වසර […]
හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුත්‍රයා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අද (30) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. සතොස ආයතනයට අයත් දේපළ සහ රාජ්‍ය ප්‍රතිපාදන අවභාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය තහවුරු කරයි. විමර්ශන අංශ සඳහන් කරන්නේ සතොස ආයතනය යටතේ පැවති ලොරි රථයක් සහ තවත් […]
ගොවීන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කරයි

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ගොවි සහ ධීවර ජනතාවට සහන සැලසීමක් ලෙස ඔවුන්ගේ මාසික විශ්‍රාම වැටුප් ලබාගැනීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2025 දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ අවසාන දිනය 2026 වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා දීර්ඝ […]
උඩුනුවර අයවැය දෙවන වරටත් පරාජයට පත්වෙයි
ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කියවීමේදී ද වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ. පළමු අවස්ථාවේදී මෙන්ම මෙවරද පාලක පක්ෂයට සිය බහුතරය පෙන්වීමට නොහැකි වීම නිසා සභාවේ ඉදිරි කටයුතු පිළිබඳව යම් අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇත. අයවැය පිළිබඳ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද […]
ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිස මෙරටට පැමිණෙයි

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය සිය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2,333,797 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය ශ්‍රී ලංකාව තුළ වසරක් තුළ වාර්තා වූ වැඩිම සංචාරක පැමිණීම ලෙස ඉතිහාසයට එක්වන අතර, මෙරට ප්‍රධානතම සංචාරක වෙළඳපොළ ලෙස ඉන්දියාව තවදුරටත් පෙරමුණේ පසුවේ. ඉන්දියාවේ තිරුවානන්තපුරම් සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 162 දරන ගුවන් […]
ගුවන්තොටුපොළ සේවකයෝ වැටුප් පහක ප්‍රමාණයක් ඉල්ලා වීදි බසිති

සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් 2025 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ප්‍රසාද දීමනා ප්‍රමාණවත් නොවන බව පවසමින් ගුවන්තොටුපොළ සේවක වෘත්තීය සමිති අද (29) දහවල් දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය. තමන්ට හිමිවිය යුතු ප්‍රසාද දීමනාව ලෙස මූලික වැටුප් පහක ප්‍රමාණයක් ලබා දෙන ලෙස බල කරමින් සේවකයෝ […]
වැඩිහිටි නිවාසයක ගින්නකින් 16 දෙනෙකු දැවී මියයති

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ පිහිටි වැඩිහිටි නිවාසයක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (28) රාත්‍රී 8.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, එම අවස්ථාවේදී නිවාසයේ රැඳී සිටි වැඩිහිටියන් බහුතරයක් සිය කාමර තුළ විවේකීව පසු වීම හේතුවෙන් හානිය ඉහළ ගොස් තිබේ. ගින්නෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 12 […]
ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. කලක පටන් ඔහුව පීඩාවට පත් කළ අස්ථි ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය දශකයකට අධික ක්‍රීඩා දිවිය තුළ බ්‍රේස්වෙල් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 21ක් සහ විස්සයි20 තරග 20ක් […]
පින්නවල අලි ඇතුන් මා ඔය වෙත රැගෙන යාම යළි ආරම්භ කරයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවත්වා තිබූ පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් මා ඔය වෙත රැගෙන යාම යළි ආරම්භ කළ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දිනවල පැවති තද වර්ෂාව හේතුවෙන් මා ඔය පිටාර ගැලීමත් සමඟ අලි ඇතුන් නාවන ස්ථානය අපිරිසිදු වීම නිසා මෙම තීරණය ගෙන තිබුණි. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, ගංවතුර […]