විපක්ෂ නායකගෙන් නව වසරට අධිෂ්ඨානශීලී පණිවිඩයක්

උදා වූ 2026 නව වසර වෙනුවෙන් සුබපැතුම් එක්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, පවතින අන්ධකාරය පළවා හැර සැබෑ ජයග්‍රහණයේ රිදී රේඛාවන් සොයා යාමට සමස්ත ජාතියම තිර අදිටනින් යුතුව අත්වැල් බැඳගත යුතු බවයි. රටක් ලෙස අප ඉදිරියේ ඇති දුෂ්කරතා මඟහැර යශෝරාවය නැගෙන ජයග්‍රහණයක් කරා යන ගමන ගිරි දුර්ගයක් තරණය කිරීමක් බඳු අභියෝගාත්මක කාර්යයක් බව ඔහු […]
2026 නව වසරට ජනපතිගෙන් සුභාශිංසන පණිවිඩයක්

සිරිලක නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් උදා වූ 2026 නව වසර, රට යළි ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය සහ විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දෙවුර දරාගත් ජාතියක් ලෙස පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නව වසර වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය වසර අභියෝග රැසක් මධ්‍යයේ වුවද තිරසාර සංවර්ධනයක අඩිතාලම දැමූ වසරක් වූ බවයි. […]
2026 නව වසරට අගමැතිනියගෙන් සුබ පැතුම්

උදාවූ 2026 නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ, ගෙවුණු වසරේ මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කරගනිමින් නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව අනාගතය වෙත පියවර තැබිය යුතු බවයි. නව වසරේ ආරම්භයත් සමඟ ජනතාව වෙත පණිවුඩයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කළාය. ගෙවී ගිය 2025 වසර පිළිබඳව පසුවිපරමක් […]
මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති පොලිසියට භාර වෙයි
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි එම සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා අද (31) දහවල් මතුගම පොලිසිය වෙත භාර වී තිබේ. ඊයේ දින සභා ගොඩනැගිල්ල තුළදී සිදු වූ බව කියන මෙම පහරදීමෙන් අනතුරුව ඔහු ප්‍රදේශයෙන් බැහැරව සිටි අතර පසුව මෙලෙස නීතිය හමුවට පැමිණ ඇත. ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් […]
ජොහාන් ප්‍රනාන්දු වත්තල අධිකරණයට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයෙකු වන ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (31) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. රජයේ දේපළ අවභාවිත කිරීම සහ මූල්‍ය පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත පදනම්ව ඊයේ (30) දින ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම අත්අඩංගුවට ගැනීමට මුල් […]
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ සකස් කෙරුණු 6 ශ්‍රේණියේ ඉගෙනුම් මොඩියුලයකට අදාළව මතුව ඇති මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (31) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. අදාළ ප්‍රකාශනයේ අඩංගු නොවිය යුතු කරුණු ඇතුළත් කිරීම පිටුපස කිසියම් බාහිර පාර්ශවයක මැදිහත් වීමක් පවතින්නේ දැයි යන්න පිළිබඳව එහිදී […]
කොළඹ මහා නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් ජයගනී
ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන කොළඹ මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කියවීම අද (31) වැඩි ඡන්ද දෙකකින් සම්මත විය. මීට පෙර පළමු අවස්ථාවේදී අයවැය පරාජයට පත්වීම හේතුවෙන් නගර සභාවේ පාලනය පිළිබඳ දැඩි කතාබහක් නිර්මාණය වී තිබූ පසුබිමක, මෙම ජයග්‍රහණය පාලක පක්ෂය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ. අද පැවති […]
6 ශ්‍රේණියේ පෙළපොතෙන් මාකට් කරන ලිංගික වික්ෘතිතා
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත හය වැනි ශ්‍රේණියේ පාසල් පෙළපොතට Buddy.net නැමැති වෙබ් අඩවිය ඇතුළත් කිරීමට අධ්‍යාපන බලධාරීන් ගෙන ඇති තීරණය ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව නිවේදනය කරයි. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රමුඛ අධ්‍යාපන බලධාරීන්ගේ මෙම තීරණය මෙරට දරු පරපුරේ මනස විකෘති කිරීමේ උත්සාහයක් […]
විශේෂඥ වෛද්‍යවරු 900ක් ස්ථාන මාරු ඉල්ලති
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් නවසියයකට අධික පිරිසක් මෙම වසර තුළ සිය ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව, මෙලෙස මාරුවීම් අපේක්ෂා කරන වෛද්‍යවරුන්ගෙන් බහුතරයක් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර වැනි යටිතල පහසුකම් බහුල ප්‍රධාන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් වෙත පැමිණීමට කැමැත්ත පළ කර ඇත. විශේෂඥ […]
විදේශ ඇමති විජිත හේරත් ඩකා නුවර බලා පිටත්ව යයි

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (31) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා නුවර බලා දිවයිනෙන් පිටත්ව ගියේය. බංග්ලාදේශයේ හිටපු අගමැතිනියක වූ ඛලීඩා සියා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. බංග්ලාදේශ දේශපාලනයේ සුවිශේෂී සලකුණක් තැබූ ඛලීඩා සියා මහත්මියගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ශෝකය සහ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට අමාත්‍යවරයා එහිදී […]