2026 අප්‍රේල් 28 අඟහරුවාදා, 16:04
නවතම පුවත්

නවසීලන්තයට එරෙහිව විස්සයි-20 සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිතව තිබෙන නවසීලන්ත තරග සංචාරයේ විස්සයි- 20 තරගාවලිය සඳහා තෝරාගත් සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව අද (18) පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 බැගින් වූ විස්සයි20 හා එක්දින තරගාවලිකට ක්‍රීඩාකරන අතර, ඉන් පළමුව විස්සයි- 20 තරගාවලිය […]

ලීමන්සා තිලකරත්න පිත්තෙන් උත්තර දෙයි

මැලේසියාව පැරැදූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 94ක ජයක් මැලේසියාවේ ක්වාලාලාම්පුරහි දි අද ආරම්භවූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදි සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ. ඒ,පළමු තරගයේදී මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 94කින් පරාජයට පත් කරමිනි. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා […]

ජාතික ඔලිම්පික් කමිටුවට ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවයි

ජාතික ඔලිම්පික් කමිටුවට කිසිදු ගෙවීමක් සිදු නොකිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලය තීරණය කර තිබේ. කෙසේවෙතත් ඔලිම්පික් ශිෂ්‍යත්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුකරන සෘජු ගෙවීම් එලෙසම ක්‍රියාත්මක කෙරෙයි.

ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි

පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය. නමුත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් අවස්ථා තුනකදී තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් විය. ඒ දක්ෂතා හේතුවෙන් ඉමාඩ් වසීම් නැවතත් විස්සයි විස්ස තරග බිමිට පිවිසියේය. ඒ අනුව ඔහු […]

කමිඳු එක් දිනකට ලොව අංක 5 වෙයි

කමිඳු එක් දිනකට ලොව අංක 5 වෙයිනිමා වූ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන ලෝක ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් 6වැනි ස්ථානය හිමිකර ගැනීමට කමිදු මෙන්ඩිස් සමත් විය. ඊයේ (11) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් තුළ ප්‍රසාද ලකුණු 769ක් හිමි කරගනිමින් […]