මොස්කව් ගුවන් තොටුපළවල් කිහිපයක මෙහෙයුම් අත්හිටුවයි

යුක්රේනය විසින් එල්ල කරන ලද මහා පරිමාණ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ප්‍රධාන ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට රුසියානු බලධාරීන් පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මොස්කව් නුවර පිහිටි ප්‍රධාන ගුවන් තොටුපළවල් හතරෙන් තුනකම මෙහෙයුම් කටයුතු මේ වන විට තාවකාලිකව නවතා දමා ඇත. මෙලෙස වසා දමා ඇති ගුවන් තොටුපළවල් අතර මොස්කව්හි […]
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු FCID හමුවේ පෙනී සිටියි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිට තිබේ. ඒ මහතාට අද (05) දිනයේදී ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි. මෙම කැඳවීම සිදුව ඇත්තේ සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව සිදු කෙරෙන පුළුල් විමර්ශනයක […]
වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ අද අමෙරිකානු අධිකරණය හමුවට

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පසුගිය ජනවාරි 03 වනදා වෙනිසියුලාවේ කරකාස් අගනුවරදී අමෙරිකානු හමුදා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර, අද දහවල් මැන්හැටන්හි පිහිටි ෆෙඩරල් අධිකරණයේදී අදාළ නඩු විභාගය ආරම්භ වීමට නියමිතය. මධුරෝ සහ […]
වෙනිසියුලානු ආක්‍රමණයට එරෙහිව ලාංකේය පාලක පක්ෂයෙන් ප්‍රබල විරෝධයක්

ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට එරෙහිව එක්සත් ජනපදය සිදුකරන හමුදාමය ආක්‍රමණික මැදිහත්වීම ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස හෙළා දකී. වෙනිසියුලානු මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින් සිදුකරන ලද මෙම ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එම පක්ෂය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. ලොව ඕනෑම නිදහස් රාජ්‍යයක […]
වෙනිසියුලාවට ස්ටාර්ලින්ක් නොමිලේ සේවා සපයයි

ඇමෙරිකානු ප්‍රහාර හමුවේ අර්බුදයට පත්ව ඇති වෙනිසියුලාවට නොමිලේ අන්තර්ජාල සේවාවන් සැපයීමට ඊලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ආයතනය තීරණය කර තිබේ. ස්ටාර්ලින්ක් ආයතනය සිය එක්ස් ගිණුම හරහා නිවේදනය කර ඇත්තේ වෙනිසියුලානු ජනතාවට සිය සේවාවන් සඳහා කිසිදු ගාස්තුවකින් තොරව ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දෙන බවයි. දීර්ඝ කාලයක සිට රජයේ දැඩි රෙගුලාසි මෙන්ම නිතර නිතර සිදුවන විසන්ධි කිරීම් හේතුවෙන් පීඩා […]
වෙනිසියුලාව යුධ පිටියක් වෙයි: ඇමෙරිකානු ප්‍රහාරවලින් 40ක් මරුට

වෙනිසියුලාව තුළ ඇමෙරිකානු හමුදා ක්‍රියාත්මක කළ දරුණු ප්‍රහාර මාලාවකින් එරට හමුදා භටයින් සහ සිවිල් වැසියන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් පළ වන මෙම වාර්තා මඟින් එරට පවතින අතිශය අර්බුදකාරී සහ බියකරු වාතාවරණය තහවුරු කෙරේ. ඇමෙරිකානු මෙහෙයුම් හමුවේ වෙනිසියුලාවේ ආරක්ෂක අංශ සහ […]
වෙනිසියුලානු ජනාධිපති නිව්යෝර්ක් රැඳවුම් මධ්‍යස්ථානයකට

අමෙරිකානු බලධාරීන්ගේ අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක් නුවර බෘක්ලින්හි පිහිටි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔවුන් දෙපළ නිව්යෝර්ක් වෙත රැගෙන ඒමෙන් අනතුරුව පළමුව ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලනය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන් පසුව මෙම දැඩි ආරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කර ඇත. […]
සතොස රථවාහන අවභාවිතයේ සුලමුල හෙළිවෙයි: හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට

සතොස ආයතනයට අයත් රථවාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව එම ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ රජයේ දේපළ අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරන්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් […]
2026 වසරේ පළමු පාසල් වාරය හෙටින් ඇරඹේ

වසරක නිවාඩුව නිමා කරමින් 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙට (05) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල අධ්‍යයන කටයුතු හෙට පෙරවරුවේ සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වනු ඇත. මෙම නව අධ්‍යයන වර්ෂයේ […]
වසරක් තුළ රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහළට

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට එරෙහිව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇති බව මහජන බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලින් අනාවරණය වේ. 2026 වසරේ පළමු වැඩකරන දිනය වන විට රුපියලේ අගය මෙලෙස පහත වැටී ඇත්තේ පසුගිය වසරේ ආරම්භයට සාපේක්ෂව දැවැන්ත වෙනසක් පෙන්නුම් කරමිනි. දත්ත විශ්ලේෂණයට අනුව, 2025 වසරේ ජනවාරි මස පළමු වැඩකරන දිනයේ […]