2026 අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා, 11:22
නවතම පුවත්

6 පොතේ මතභේදාත්මක පාඩම ඉවත් කිරීමට අනුමැතිය හිමිවෙයි

පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අන්තර්ගත එක්තරා පාඩමක් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඊයේ (06) දින අදාළ අනුමැතිය හිමිවූ බවයි. අදාළ පාඩම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් එල්ල කළ විවේචන සහ සමාජයීය කරුණු සලකා බැලීමෙන් අනතුරුව […]

පාසල් සිසුන් වෙනුවෙන්ම නාවලපිටිය – හැටන් අතර විශේෂ දුම්රිය සේවාවක්

පසුගියදා බලපෑ ‘දිට්වාසුලි’ කුණාටුවෙන් පසුව නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ, සිසුන්ට සහ රාජ්‍ය සේවකයින්ට සහනයක් සැලසීම පිණිස නාවලපිටිය සහ හැටන් අතර විශේෂ මගී දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබේ. පසුගිය 05 වැනිදා වටවල දක්වා පමණක් සීමා වී තිබූ මෙම දුම්රිය සේවාව, මගී ඉල්ලුම සලකා බලා 06 වැනිදා සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා […]

විගණකාධිපති පුටුව තවමත් හිස්: විගණන නිලධාරීන්ගේ වැටුප් සහ ඉන්ධන දීමනා අර්බුදයක

මාසයකට ආසන්න කාලයක් තිස්සේ විගණකාධිපති තනතුර පුරප්පාඩුව පැවතීම හේතුවෙන් ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය හා පරිපාලන කටයුතු බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ. ආයතන ප්‍රධානියෙකු නොමැති වීම නිසා නව වසරට අදාළ මූල්‍ය බලතල බෙදා දීමට නොහැකි වී ඇති අතර, මේ හේතුවෙන් විගණන කාර්යාලයේ සේවය කරන 2000 කට අධික සේවක පිරිසගේ ජනවාරි මාසයේ වැටුප් ගෙවීමේ කටයුතු […]

පාසල් නිල ඇඳුම් බෙදාදීම ලබන 15 ඇරඹෙයි

රජයේ පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා හැරීමේ කටයුතු එළඹෙන ජනවාරි මස 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම බෙදා හැරීමේ ක්‍රියාවලිය පෙබරවාරි මස 15 වැනිදා දක්වා මාසයක කාලයක් පුරා සිදු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේය. ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නිල ඇඳුම් සැපයීම […]

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නිවේදනයක්

2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ මෙතෙක් පවත්වා නොමැති විෂයයන්ට අදාළ විභාග කටයුතු එළඹෙන ජනවාරි මස 12 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අයහපත් කාලගුණය ඇතුළු විවිධ හේතූන් මත මෙම විෂයයන්ට අදාළ විභාග කටයුතු මීට පෙර කල් දැමීමට සිදුවිය. විභාගය නැවත ආරම්භ කිරීමට සමගාමීව, […]

ඩොලරයේ අගය යළිත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව එක්සත් ජනපද ඩොලරයේ අගය නැවතත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.23 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 313.76 ක් ලෙස දැක්වේ. අද දිනයේ මෙරට ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් […]

මහනුවර සහ වත්තේගම අතර දුම්රිය ධාවනය යළි ඇරඹේ

පසුගිය කාලයේ ඇති වූ සුළි කුණාටු තත්ත්වය සහ ඒ සමඟින් වාර්තා වූ නායයෑම් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ මහනුවර – මාතලේ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මාසයකට අධික කාලයකට පසු අද (06) සිට යළි ආරම්භ කර තිබේ. දැනට මෙම ධාවන කටයුතු මහනුවර සිට වත්තේගම දක්වා පමණක් සීමා කරමින් පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කරන බව මහනුවර දුම්රිය ස්ථානය […]

මුහුදු ප්‍රදේශ රළු වෙයි – ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (06) පස්වරුවේ නිකුත් කළ විශේෂ නිවේදනයකට අනුව, මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින මෙම වර්ධනයත් සමඟ […]

පාකිස්ථාන තරගාවලියට ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කෙරෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (06) නිල වශයෙන් නිවේදනය කරන ලදී. මෙවර සංචිතයේ නායකත්වය දසුන් ශානක වෙත හිමිව තිබීම විශේෂත්වයකි. දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලියේ තරග ජනවාරි 07, 09 සහ 11 යන දිනවලදී දඹුල්ල […]

මත්පැන් විෂ වීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට: සැකකාරියක් අත්අඩංගුවට

වෙන්නප්පුව, මාරවිල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් වර්ගයක් පානය කිරීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. පොලිසිය පවසන පරිදි, මියගිය පිරිස අතරින් තිදෙනෙකු නිවසක් තුළ මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර බරපතල ලෙස රෝගාතුර වූ අනෙක් දෙදෙනා වෙන්නප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම මාරාන්තික මත්පැන් පානය කිරීමෙන් පසු තවත් කිහිප දෙනෙකු රෝගාතුර […]