ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි

ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 81 වන වියේ පසු වූ අතර, අද (13) උදෑසන ඔහුගේ අභාවය සිදුව ඇති බව වාර්තා වේ. දශක ගණනාවක් පුරා මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලුණු ඒ මහතා, විශේෂයෙන්ම මෙරට ආරක්ෂක ක්ෂේත්‍රය […]
දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (12) දහවල් නිවේදනය කළේය. මෙම අවවාදාත්මක නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. අවදානම් සහිත ප්‍රදේශකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පහත සඳහන් පළාත් සහ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි: […]
විමල්ට අධිකරණ නියෝගයක්

බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (12) නියෝගයක් නිකුත් කර තිබේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් සහ අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් […]
රත්මලාන බිහිරි විද්‍යාල භූමියෙන් උණ්ඩ තොගයක් හමුවේ

රත්මලාන බොරුපන බිහිරි විද්‍යාල භූමියේ වළදමා තිබූ දෙවන ලෝක යුද්ධ සමයට අයත් බවට සැකකෙරෙන උණ්ඩ 1,770 ක තොගයක් සොයාගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වාර්තා කරයි. මෙම උණ්ඩ තොගය මුලින්ම නිරීක්ෂණය වී ඇත්තේ එම විද්‍යාලයේ ගුරුවරයෙකු සිසුන් සමඟ එක්ව කසළ දැමීම සඳහා වළක් කපමින් සිටි අවස්ථාවකදීය. බිස්කට් දවටන දෙකක ඔතා තිබූ මෙම උණ්ඩ තොගය දුටු වහාම […]
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දකුණ කැළඹෙද්දී අනුර උතුරට

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි 15 සහ 16 යන දෙදින තුළ යාපනය දිස්ත්‍රික්කයේ විශේෂ උත්සව මාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා පහත සඳහන් ප්‍රධාන උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වීමට නියමිතය:2026 ජනවාරි 15: පස්වරු 02.00 ට වේලනයි, තුරෛයුර් හි අයියනාර් […]
රජය විවේචනය කළා ‘යි උවිඳු ට තර්ජනයක්

රජය විවේචනය කළා යැයි උවිඳු කුලකුලසූරියට ෆේස්බුක් හරහා එල්ලකොට තිබූ තර්ජනයකට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ අදහස් දක්වා තිබිණි . ” මම බොහොම බය වුනා. මම ආයෙ ආණ්ඩුව විවේචනය කරල මොකුත් ලියන්නෙ නැහැ. උදේ නැගිට්ට ගමන් දැක්ක පණිවිඩය මේ. ‘තෝ ලංකාවෙ පස්පාගන්න හිතන්න එපා’ලූ. මේ ප්‍රොෆයිල් ලොක්කරන් ඉන්න පොර මීට මාසෙකට පෙර මට ටිකක් ආදරෙන් […]
වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති තමන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) ප්‍රකාශ කළේය. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අමෙරිකානු හමුදා භාරයට ගැනීමත් සමඟ හටගෙන ඇති දැඩි ජාත්‍යන්තර අර්බුදය මධ්‍යයේ ට්‍රම්ප් විසින් මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදු කර තිබේ. තම ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විකිපීඩියා (Wikipedia) […]
නව හමුදා මූලස්ථානය අසල ප්‍රදේශයකදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි

බත්තරමුල්ල, අකුරේගොඩ, බටපොත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා සිදුකළ පුද්ගල ඝාතනයක් පිළිබඳව අද (12) පෙරවරුවේ වාර්තා විය. මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 72 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි. මියගිය පුද්ගලයා සිය නිවසේ කොටසක් කුලියට ලබා දී තිබූ අයෙකු වන අතර, මීට පෙර එම නිවසේ කුලියට සිටි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය […]
විපක්ෂ නායකට 59 යි : ගංගාරාමයේදී ආශිර්වාද පූජාවක්

සමගි ජන බලවේගයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) සිය 59 වැනි උපන්දිනය සමරනු ලබයි. මෙරට දේශපාලන කරළිය උණුසුම් වී පවතින මොහොතක යෙදී ඇති මෙම උපන්දිනය නිමිත්තෙන් විශේෂ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාස මහතාගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ප්‍රධාන ආගමික වැඩසටහන අද දහවල් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී […]
විමල් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් අරඹයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (12) පෙරවරුවේ බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. රජය විසින් හඳුන්වා දීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බව වාර්තා වේ. සත්‍යග්‍රහයේ නිරත පිරිස ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇති අතර, දැනට […]