සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී සාර්ථක ශල්‍යකර්මයකට භාජනය වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණියේය. පසුගිය මාර්තු මස 15 වැනිදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ඒ මහතා, එහිදී අදාළ ශල්‍යකර්මයට මුහුණ දීමෙන් අනතුරුව මෙලෙස මෙරටට පැමිණි බව වාර්තා වේ. දිවයිනට පැමිණි හිටපු ජනාධිපතිවරයා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඉදිරි සති කිහිපයක කාලය තුළ පූර්ණ විවේක සුවයෙන් පසුවීමට නියමිතව ඇත.