2026 අප්‍රේල් 06 සඳුදා, 14:27
නවතම පුවත්

බොරතෙල් මිල පහළ යයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් දුරට පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඇමරිකානු ඩොලර් 67.22ක් ලෙස අද (27) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණි. ඩොලර් 63.45ක් ලෙස අමරිකානු වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වී තිබේ.

ට්‍රම්ප්ගෙන් ලංකාවට තවත් බදු

ඩිජිටල් සේවා සඳහා බදු අය කරන රටවලට අපනයන සඳහා ‘අමතර තීරුබදු’ පනවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ඊයේ (අගෝ. 26) ප්‍රකාශ කළේය. එබැවින් එම නීති ඉවත් නොකළහොත් දඬුවම් ලැබෙනු ඇති බව ඔහු පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ බදු පනවමින් අමරිකානු තාක්ෂණික ක්ෂේත්‍රයේ සමාගම්වලට පහරදෙන රටවලට එරෙහිව එක්සත් ජනපද ජනාධිපති ලෙස තමන් නැඟී සිටින බවයි. එහිදී ඩිජිටල් […]

113 වසරක් පැරණි ස්වීඩන් දේවස්ථානයක් අලුත් තැනකට

ස්වීඩනයේ පිහිටි වසර 113ක් පැරණි ඓතිහාසික කිරුනා දේවස්ථානය වෙනත් නවතැනකට රැගෙන යෑම සඳහා බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. එම දේවස්ථානය දැනට පවතින ස්ථානයෙන් කිලෝමීටර් 5ක් දුරින් පිහිටි නව ස්ථානයක් වෙත ගෙන යන බවයි සඳහන් වන අතර,දේවස්ථානය පිහිටි භූමිය තුළ යපස් කැණීම් හේතුවෙන් ඇති වූ අස්ථාවරතාවයක් නිසා මෙම තීරණය ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. […]

ශ්‍රී ලංකාවට විවෘත වන තායිලන්තයේ රැකියා අවස්ථා

දේශ සීමා ගැටුමෙන් පසු තායිලන්තය දැඩි ශ්‍රමික හිඟයකට මුහුණ දී තිබේ. එම හේතුවෙන් විදෙස් රටවල සේවකයින්ට රැකියා අවස්ථා ලබා දීමට තායි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. එම යෝජනාවට අනුව, ශ්‍රී ලාංකික සේවකයින් 10,000 දෙනෙකුට ආරම්භක අදියරේදී තායිලන්තයේ රැකියා හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවට අමතරව නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ පිලිපීනයේ සේවකයින්ටද තායිලන්තයේ විවිධ […]

ඇලෙස්කාවට ආවේ ඇත්ත පුටින්ද? බොරු පුටින්ද?

පසුගියදා (15) අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සිදුවූ සාකච්ජාව ලෝකයේ අවදානයට ලක් විය. එය අමරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේදී සිදු විය. මේවන විට ලෝකයේ කතාබහට ලක්ව ඇත්තේ එම හමුවට පැමිණියේ සැබෑ රුසියානු ජනාධිපතිවරයාමද නොඑසේනම් ඔහුගේ ප්‍රතිරූපකයක්ද ( බොඩි ඩබල්) යන්න පිළිබඳවයි. ඇලෙස්කා හමුවේදී පුටින්ගේ හැසිරීම මෙම සැකයට ප්‍රධානම හේතුව වී ඇති අතර […]

කාශ්මීර ගංවතුරෙන් දිවි අහිමි වූවන් 300 පනී

පාකිස්තානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති පිරිස 307 දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ අංශ වාර්තා කර තිබේ. වයඹදිග පාකිස්තානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ ආපදා […]

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලය ඊයේ දිනයේදී ද ගාසා තීරය ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. ගාසා නගරය ඉලක්ක කරගනිමින් ඊයේ එල්ල කළ ප්‍රහාරයන්ගෙන් අල් අහ්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙයි. ඊශ්‍රායලය ගාසා නගරයේ බලය අතපත් කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර ඒ හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් නගරයෙන් බලහත්කාරයෙන් […]

ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 5.7 ක් වේ. භූ කම්පනය කිලෝමීටර් 10 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති අතර, භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබද මෙතෙක් වාර්තා වී නොමැත.

ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී

අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සිදුවූ සාකච්ජා එකඟතාවයකින් තොරව අවසන් වී ඇත. ඊයේ (15) ඇලෙස්කාවේදී හමුවූ ජනාධිපතිවරුන් දෙදෙනා අතර සුහඳ සාකච්ජාවක් පැවැත්වුණු බවත් ‍යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධව එකඟතාවක් සිදු නොවූවද සාකච්ජා සාර්ථක බව ට්‍රම්ප් පාර්ශවය පවසයි. එසේම රුසියන් ජනාධිපති තමන් මෙවැනි සාකච්ජාවලට කැමැත්තක් දක්වන බවත් ඉදිරියේදී අමරිකා ජනාධිපතිට මොස්කව් […]

ගාසා නගරය අත්පත් කරගැනීමට විරුද්ධව ඊශ්‍රායල විරෝධතා

ඊශ්‍රායලය ආරක්ෂක මණ්ඩලය විසින් ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කිරීමත් සමග එරට ටෙල් අවිව්හි විරෝධතා රැසක් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විරෝධතාකරුවන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස අසලට රැස්ව ඇති අතර මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්ද නියෝජනය කරමින් විරෝධතා කරුවන් 100,000කට ආසන්න ප්‍රමාණයක් මේවන විටත් සහභාගී වී […]