2026 අප්‍රේල් 07 අඟහරුවාදා, 00:26
නවතම පුවත්

ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබේ. ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු විධිමත් ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ටෙහෙරානයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය අද (ජූනි 21) මේ බව නිවේදනය කළේය. මීට අමතරව, ඉරානයේ සිටින නේපාල ජාතිකයන්ටද මෙලෙසම සිය සහාය ලබාදීමට ඉන්දියාව […]

ඉරානයට රික්ටර් මාපක 5.1 ක ප්‍රබල භූමිකම්පාවක්

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1ක ප්‍රබල භූමිකම්පාවක් ඊයේ (ජුනි 20) රාත්‍රියේ සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) වාර්තා කරයි.ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම භූමිකම්පාව සෙම්නාන් පළාතේ සිට කිලෝමීටර් 37ක් (සැතපුම් 23ක්) නිරිත දෙසින්, කිලෝමීටර් 10ක (සැතපුම් 6ක) ගැඹුරකින් සිදුව තිබේ.මෙම භූමිකම්පාවෙන් සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් විදෙස් වාර්තා කිසිවක් සඳහන් කර නැතත්, […]

ඉරානයෙන් මොසාඩ් මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් ඊශ්‍රායලයේ බුද්ධි තොරතුරු සහ විශේෂ මෙහෙයුම් සඳහා වූ ආයතනය වන මොසාඩ් (Mossad) මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් අනතුරුව මොසාඩ් මූලස්ථානයේ ගින්නක් හටගෙන ඇති බව සඳහන්. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රහාරය බස් රථ නැවතුම්පළකට එල්ල වූ ප්‍රහාරයක් ලෙස හුවා […]

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 7 දෙනෙකු මරුට

ඉන්දියාවෙන් වාර්තා වන පුවතක් අනුව, හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් තිබේ.මෙම අනතුර සිදුව ඇත්තේ, ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩ් හි ගුප්ත්කාෂි බලා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරයක් වනාන්තරයකට කඩා වැටීමෙනි. මියගිය අය අතර ගුවන් නියමුවාද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. උත්තරාකන්ඩ් සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව, මෙම සිදුවීම ඉන්දීය වේලාවෙන් අද අලුයම […]