ඉරානය සටන් විරාම ගිවිසුම ප්‍රතික්ෂේප කරයි

ඉරානය පවසන්නේ කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බවයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මේ බව සඳහන් කර තිබේ. ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයට ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් […]
මැදපෙරදිග ජාතීන් ඉරාන ප්‍රහාර හෙළා දකියි

මැදපෙරදිග රටවල් කිහිපයක් කටාර් සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුර ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය හෙළාදැක තිබේ. සවුදි අරාබිය, කටාර්, ඊජිප්තුව, ඉරාකය සහ ජෝර්දානය යන රටවල් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ (23) කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කරනු […]
කටාර් එයාර්වේස් ගුවන් ගමන් තාවකාලිකව නවතා දමයි

කටාර් එයාර්වේස් සමාගම සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම තීරණය කර ඇත. කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමත් සමග එම සමාගම ගුවන් ගමන් එලෙස තාවකාලිකව අත්හිටුවා ඇත. එම සමාගම නිවේදනය කරන්නේ, බලපෑමට ලක් වූ ඕනෑම මගියෙකුට සහාය වීම සඳහා අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කර බවයි. ගුවන් අවකාශය නැවත විවෘත කළ […]
මැදපෙරදිග නොසන්සුන්තා: කටාර් සහ ඉරාක අමෙරිකානු ඉලක්කවලට ඉරාන ප්‍රහාර. ගුවන් ගමන් අඩාල වෙයි, කලාපීය ආරක්ෂාව අනතුරක

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඉරානය විසින් කටාර් සහ ඉරාකයේ පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් සමඟ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුව ඇත. කටාර් සහ බහරේන ගුවන් අවකාශය වසයි කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එරට […]
ඇමරිකාවට ඉරානයෙන් රතු එළියක්: “යුද්ධය අවසන් කරන්නේ අපියි!”

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාර හමුවේ, ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක් එල්ල වී තිබේ. ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) ප්‍රකාශක, ඉබ්‍රාහිම් සොල්ෆගාරි, අවධාරණය කරන්නේ තම පූජනීය භූමියට එල්ල වූ මෙම ප්‍රහාරය එකවරම යුද්ධයකට අවතීර්ණ වීමක් බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එක්සත් ජනපදයේ බලවත් හා ඉලක්කගත මෙහෙයුම් හේතුවෙන් ඔවුන්ට බරපතළ, කණගාටුදායක හා අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට මුහුණ දීමට […]
සිරියාවේ දමස්කස් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්: 22ක් මරුට, 63ක් තුවාල ලබයි

දමස්කස්, සිරියාව – 2025 ජූනි 23 – සිරියාවේ අගනුවර වන දමස්කස් නගරයේ පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 63 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ඛේදවාචකය ඉරිදා සවස දේව මෙහෙයක් පැවැත්වෙමින් තිබූ අවස්ථාවක සිදුවූ බවයි. සිරියානු සෞඛ්‍ය අංශ විසින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තහවුරු […]
ජපානයේ හොක්කයිඩෝ හි රික්ටර් මාපක 6.0ක භූ කම්පනයක්

ජපානයේ හොක්කයිඩෝ වෙරළට ඔබ්බෙන් අද (ජූනි 22) අළුයම රික්ටර් මාපක 6.0ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) මෙම භූ කම්පනය තහවුරු කර තිබේ. මෙම භූ කම්පනය පොළව මතුපිට සිට කිලෝමීටර් 10ක් (සැතපුම් 6.21ක්) පමණ ගැඹුරින් සිදුව ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කිසිදු හානියක් […]
ට්‍රම්ප්ගේ ඉරාන ප්‍රහාරයට විදෙස් රටවල් රැසකින් සහ අමෙරිකාවෙන්ද දැඩි විරෝධය

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් විදෙස් රටවල් කිහිපයක් සිය විරෝධය පළ කර තිබේ. මෙම ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් නායකයින් සාමය සඳහා කැඳවුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කියුබාව, චිලී, වෙනිසියුලාව, කොලොම්බියාව, මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක් අමෙරිකාව සිදුකළ මෙම ප්‍රහාරය […]
ඉරානයට එල්ල කළ ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම් සිය කනස්සල්ල පළ කරයි

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය විසින් බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් තමා දැඩි කනස්සල්ලට පත්වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසා තිබේ. මෙය දැනටමත් අස්ථාවර තත්ත්වයක පවතින කලාපයක සිදුවූ භයානක උත්සන්නවීමක් මෙන්ම ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට සෘජු තර්ජනයක් බවද ඔහු කියා සිටී. ගුටරෙස් මහතා X (ට්විටර්) සටහනක සඳහන් කර ඇත්තේ, මෙම ගැටුම සීඝ්‍රයෙන් පාලනයෙන් තොර […]
ට්‍රම්ප් ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ජාතිය අමතයි: “සාමය නොඑන්නේ නම්, ප්‍රහාර විශාල වනු ඇත”

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ උදෑසන ජාතිය ඇමතීය. එහිදී ඔහු අවධාරණය කළේ, ඉරානය දැන් සාමය ඇති කරගත යුතු බවත්, එසේ නොකළහොත් අනාගත ප්‍රහාර වඩාත් විශාල වනු ඇති බවත්ය. ට්‍රම්ප් සිය කතාවේදී පැහැදිලිව ප්‍රකාශ කළේ, “මතක තබා ගන්න, ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා. සමහර විට වඩාත්ම මාරාන්තික විය හැකියි. […]