ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහන දුම්රියක ගින්නක්

ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක ගින්නක් අද (ජූලි 13) අලුයම හටගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අලුයම 5:30ට පමණ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවන හා ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විටත් ගින්න මැඩපැවැත්වීම සඳහා ක්‍රියාකරමින් සිටින අතර, මේ දක්වා කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ඉන්දීය […]
30% බද්ද ඇඟලුම් ක්ෂේත්‍රයට තර්ජනයක්

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 30% ක අන්‍යොන්‍ය තීරු බද්ද එලෙසම පැවතියහොත් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය දැඩි අනතුරකට මුහුණ දෙනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය අනතුරු අඟවයි. මෙම තත්ත්වය ලක්ෂ සංඛ්‍යාත ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවකයින්ට සෘජුවම බලපාන බැවින්, මෙම තීරු බදු ප්‍රතිශතය වෙනස් කර ගැනීමට රජය කඩිනමින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා ආරම්භ කළ […]
කිම් ජොන් උන් පූටින්ගේ සහායට

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් යුක්රේනයට එරෙහිව සටන් කිරීම සඳහා පසුගිය වසර තුළ රුසියාවට 11,000 ක පමණ භට පිරිසක් යවා ඇති බව අනාවරණය වේ. යුක්රේනයේ යුද්ධයේදී රුසියාව වෙත කොන්දේසි විරහිත සහයෝගය ලබා දීමට උතුරු කොරියාව බැදී සිටින බව ප්යොංයැං රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ පැවති සාකච්ඡාවලදී කිම් පැවසුවේ, යුක්රේන […]
ෂී ජින්පිං දකුණු කොරියාවට

චීන ජනාධිපති ෂී ජින්පිං දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා පැසිෆික් ආර්ථික සමුළුවට සහභාගීවන බව අද නිවේදනය කරනු ලැබීය. ඒ චීන ජනාධිපතිවරයා යූටියුබ් නාලිකාවක් සමග සිදුකල සම්මූඛ සාකච්ඡාවකදීයි. 2025 ආසියා පැසිෆික් ආර්ථික සමුළුව එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී දකුණු කොරියාවේ ග්යොංජු හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඇමරිකානු ජනාධිපති ඩොනල්ස් ට්‍රම්ප් මෙම සමුළුවට සහභාගි වන්නේද නැද්ද යන්න මේ වන තෙක් ප්‍රකාශයට […]
WIPO Global Environment Start සම්මානය අපේ නදීෂාට

2025 බුද්ධිමය දේපළ පිලිබඳ නොබෙල් සම්මාන උළෙල අද ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්විණ. (WIPO Global Awards 2025). එහිදී The Environment Start‑ups කැටගරි එකෙන් පලමු ස්ථානය දිනා ගැනීමට ආචාර්ය නදීෂා චන්ද්‍රසේන ප්‍රමුඛ කණ්ඩායම සමත්වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත ආයතනයක් වන ලෝක බුද්ධිමය දේපල පිලිබඳව ජාත්‍යන්තර සංවිධානය ( World Intellectual Property Organization) විසින් ආචාර්ය නදීෂා චන්ද්‍රසේන ප්‍රමුඛ […]
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් විනිසුරු බිස්මිල්ලා ජාන් ෂින්වාරි දිවිසැරිය නිම කරයි.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ගෞරවනීය ඇෆ්ගනිස්ථාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු බිස්මිල්ලා ජාන් ෂින්වාරි මහතා වයස අවුරුදු 41 දී අභාවප්‍රාප්ත වූ බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (ACB) විසින් වාර්තා කර ඇත. ක්‍රිකට් ලෝකයට විශාල සේවයක් කළ එතුමාගේ වියෝව සමස්ත ඇෆ්ගන් ක්‍රිකට් පවුලටම මහත් ශෝකයක් ගෙන දී තිබේ.ෂින්වාරි මහතා සිය වෘත්තීය ජීවිතය තුළ එක්දින ජාත්‍යන්තර (ODI) තරග 34ක් […]
ස්පාඤ්ඤ ගුවන් යානයක ගින්නක්: 18කට තුවාලයි

ස්පාඤ්ඤයේ පල්මා ඩි මයෝර්කා ගුවන් තොටුපළේ නවතා තිබූ ගුවන් යානයක හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා. අද (ජූලි 5) අලුයම 12:30ට පමණ සිදුවූ මේ සිද්ධියෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම ගුවන් යානය ස්පාඤ්ඤයේ සිට මැන්චෙස්ටර් ගුවන්තොටුපළ දක්වා පියාසර කිරීමට නියමිතව තිබී ඇත.තුවාල ලැබූ 18 දෙනාගෙන් 6 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් […]
පාපන්දු ලෝකයට කම්පනයක් – ඩියෝගෝ ජෝටා සහ සහෝදරයා රිය අනතුරකින් මරුට

ලිවර්පූල් ප්‍රිමියර් ලීග් පාපන්දු සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩක, 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා සහ ඔහුගේ 26 හැවිරිදි සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක ඇන්ඩ්‍රේ ද සිල්වා, අද (ජූලි 03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේදී සිදුවූ ඛේදනීය මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔවුන් ගමන් ගත් ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර […]
ආසියාවේ අහසේ ගුවන් භීතිය – ස්ප්‍රින්ග් එයාර්ලයින්ස් යානය හදිසියේ අඩි 26,000ක් පහළට

ෂැංහයි සිට ටෝකියෝ දක්වා ගමන් කළ ස්ප්‍රින්ග් එයාර්ලයින්ස් ජපන් ගුවන් යානයක් විනාඩි 10ක් ඇතුළත අඩි 26,000ක් පහළට ඇද වැටුණු අතර, එය ගුවනේදී භීතියක් ඇති කල සිදු වීමකි.IJ004 ලෙසද ලැයිස්තුගත කර ඇති JL8696 ගුවන් යානය සිද්ධිය වන අවස්ථාවේදී ටෝකියෝ නරිටා ගුවන් තොටුපළ වෙත ගමන් කරමින් සිටි බව දකුණු චීන මෝනිං පෝස්ට් වාර්තා කළේය.ගුවන් කාර්ය මණ්ඩලයට කැබින් […]
ලංකාවට කොරියාවෙන් සෘතුමය රැකියා- යොන්ග්වෝල් පළාතේ කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රවලට අවස්ථා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ සෘතුමය රැකියා අවස්ථා ලබා දීම සඳහා වැදගත් පියවර ගෙන තිබේ.ඒ අනුව E-8 වීසා කාණ්ඩය යටතේ කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට, දකුණු කොරියාවේ යොන්ග්වෝල් පළාත් පාලන ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා […]