2026 අප්‍රේල් 06 සඳුදා, 19:33
නවතම පුවත්

කොළඹ ඉන්න බොහෝ පිරිසක් පුංචි ඡන්දයට ගම්බිම්වලට ගිහින් නැහැ!

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රැකියාවල නිරතව සිටින බොහෝ පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් බලා ගොස් නොමැති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි. මැතිවරණ නිරීක්ෂකයින්ට අනුව මෙයට හේතු කිහිපයක් බලපා ඇත: කොළඹ රැඳී සිටින දකුණු පළාතේ බොහෝ වෙළෙඳුන් ද ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම්වලට ගොස් නොමැති බව තොරතුරු අනාවරණය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පෞද්ගලික හේතූන් මත එළඹෙන 15 වනදා සිට එම ධුරයෙන් ඉවත් වන බව ඔහු සභාවට දැනුම් දී ඇත. ඔහුගේ ඉල්ලා අස්වීම සභාව විසින් පිළිගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 2023 මැයි 25 වනදා පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයෙන් විශ්‍රාම ලැබූ ධම්මික දසනායක […]

තරුණයෙකුට පහරදීමේ සිද්ධිය: ‘ටීචර් අම්මා’ අත්අඩංගුවට ගැනීමට විමර්ශන

ප්‍රසිද්ධ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක වන හයේශිකා ප්‍රනාන්දු, තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයට ලක්ව සිටී. ‘ටීචර් අම්මා’ ලෙස ජනප්‍රිය ඇය, තරුණයෙකුට පා පහරක් එල්ල කර ඇති බව සඳහන් වන අතර, එම පහරින් තුවාල ලැබූ තරුණයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ. සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් ඇති හයේශිකා ප්‍රනාන්දු සොයා පොලිසිය මේ […]

කොටහේන සිසුවියගේ සිදුවීමේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

කොටහේන සිසුවියක දිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ. ඒ් අනුව, මෙම සිදුවීමට අදාළ පොලිස් B වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බව ඊයේ (09) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. එම අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් […]

පළමු ඇමරිකානු ජාතික පාප් වහන්සේ ලෙස රොබට් ප්‍රෙවොස්ට් කාදිනල්තුමා තේරීපත් වෙයි

දින දෙකක් පුරා පැවති දැඩි ඡන්ද විමසීමකින් පසුව, ඇමරිකානු ජාතික රොබට් ප්‍රෙවොස්ට් කාදිනල්තුමා නව පාප් වහන්සේ ලෙස තේරී පත්වී තිබේ. 69 හැවිරිදි වියේ පසුවන උන්වහන්සේ, ඇමරිකා එක්සත් ජනපදයෙන් තේරී පත් වූ පළමු පාප්වරයා ලෙස ඉතිහාසයට එක්වෙයි. මෙම තේරී පත්වීමත් සමඟම, ලොව පුරා විසිරී සිටින බිලියන 1.4 කට අධික කතෝලික ජනතාවගේ නායකත්වය උන්වහන්සේට හිමිවනු ඇත. මීට […]

කොට්ටාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරු දකී.

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව ය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ. සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

නව පාප් වහන්සේ තෝරාගත් බව සටහන් කරමින් සුදු දුමාරය නිකුත් වෙයි.

ලොව පුරා කතෝලික ජනතාවගේ නායකයා ලෙස සලකන නව පාප් වහන්සේ තෝරාගෙන තිබේ. එය සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වී තිබේ. ඒ අනුව නව පාප් වහන්සේ ඉදිරි පැයේදී ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටිනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මේ වනවිට ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින ජනතාාව ප්‍රීති […]

ගිය අවුරුද්දේ 66 දෙනෙක් වෙඩි තියලා මරලා

2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා රට පුරා වාර්තා වූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයන් 66 දෙනෙකු මියගොස් ඇති අතර එම වෙඩි තැබීම් බහුතරයක් සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ වෙඩි තැබීම් බව පෙනී ගොස් තිබේ. මෙයින් මරණ 13ක් පසුගිය මාස තුන ඇතුළත වාර්තා වී ඇති අතර ඒවා ද පාතාලය හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වෙඩි තැබීම් බව […]

යළි සහල් ආනයනය නවතයි?

වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා සහල් ආනයනය කිරීමට යළි කටයුතු නොකරන බව පවසනවා. අද (11) ලුණුගම්වෙහෙර, පන්නෙගමුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. මෙරටට සහල් ආනයනය කිරීමේ චක්‍රලේඛය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකරන බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය . සහල් ආනයනය කිරීම සඳහා ලබාදී […]

බියර් මිලත් ඉහළ යයි?

මත්පැන් සඳහා සූරාබදු ඉහළ දැමීමෙන් පසු බියර් මිල ද රුපියල් 20ත් 40 අතර ප්‍රමාණයෙන් ඉහළ අගයක් ගැන අලෙවිකරුවන් සඳහන් කරනු ලබයි. මේ අතර, සියලු මත්පැන් වර්ග සඳහා වන බදු (10) ඉහළ නැංවීමට කටයුතු කර ඇත. ඒ අනුව, සුර බදු 6%කින් අගය ඉහළ නංවා තිබේ.