2026 අප්‍රේල් 06 සඳුදා, 18:00
නවතම පුවත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කන් තිදෙනෙකු අත්අඩංගුවට..

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ […]

ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත රක්ෂිත බන්ධනාගාරගත කරයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණු, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අද (01) අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ. එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග විසින් නියෝග කරන ලද්දේ ඔහුව ජූලි 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ධුරය දරන සමයේදී රජයට මූල්‍යමය පාඩු සිදු […]

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදුවේ ද?

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධව ලිට්‍රෝ ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම ආයතනය පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි. කිලෝග්‍රෑම් 2.3ක […]

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. ඊ-වීසා වංචාවේ වෝහාරික විගණනය කෝ?

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. හිටපු ආගමන විගමන පාලකවරයා; තමන් එසේ සිදු කරන ලද්දේ හිටපු අමාත්‍යාංශ ලේකම් වන වියානි ගුණතිලකගේ […]

අද මැදියම් රැයේ සිට ඉන්ධන මිල නගී..!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්. මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

මැදපෙරදිග නොසන්සුන්තා: කටාර් සහ ඉරාක අමෙරිකානු ඉලක්කවලට ඉරාන ප්‍රහාර. ගුවන් ගමන් අඩාල වෙයි, කලාපීය ආරක්ෂාව අනතුරක

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඉරානය විසින් කටාර් සහ ඉරාකයේ පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් සමඟ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුව ඇත. කටාර් සහ බහරේන ගුවන් අවකාශය වසයි කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එරට […]

ලුණු ආනයනය පිලිබඳ රජයෙන් දැනුම්දීමක් !

මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් කිසිදු බාධාවක් නොමැති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් නිවේදනයක් නිකුත් කරමින් පවස​යි. මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විවිධ බාධා පමුණුවන බවට සාවද්‍ය ප්‍රවෘත්ති කිහිපයක් මාධ්‍ය මගින් ප්‍රචාරය වන බව නිරීක්ෂණය වන බවත්, […]

විජයග්‍රහණයේ සැමරුම ගැන මහින්දගෙන් විශේෂ නිවේදනයක්..!

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරෙන අතර, මෙම කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීම සම්බන්ධව එවකට හිටපු ජනාධිපති සහ යුද්ධය නිමා කිරීමට සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ අද (18) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින්, “ඔබ දැනටමත් දන්නා පරිදි, අපේ මාතෘ භූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් […]

විජයග්‍රහණයේ සැමරුමට ජනපති සහභාගී වන බව දැනුම් දෙයි

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ‍ලෙස හෙට (19) ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට පස්වරු 4 සිට 6 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිත ය. මෙම උත්සවය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් […]

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට!

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබේ. මෙම විරෝධතාවට සම්බන්ධ වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු […]