2026 අප්‍රේල් 06 සඳුදා, 16:16
නවතම පුවත්

අද මැදියම් රැයේ සිට ඉන්ධන මිල වෙනස්වන්නේ මෙහෙමයි..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ. අඩු වූ මිල සහ නව මිල පහතින්. මිල නොවෙනස්වන ඉන්ධන වර්ග

රනිල්ගේ ලිපිය ඇත්ත. ආණ්ඩුව හිරවෙයි..!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උසාවියට ඉදිරිපත් කළ ලිපියක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයකින් තහවුරු කිරීමක් ලැබී තිබේ. මේ බව ඔහුගේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබිණ. රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන සරෝජා සිරිසේන මහත්මියට නිල ආරාධනා යැවූ බවට අදාළ එංගලන්තයේ විශ්වවිද්‍යාලය විසින් […]

හරින් ප්‍රනාන්දුගේ නඩුව කල් යයි!

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් ජනවාරි මස 06 වැනිදා දක්වා කල් තැබීමට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් නියෝග කර තිබේ. ඒ අනුව, අද (26) දිනයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. පසුගිය මහ මැතිවරණ අවස්ථාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට […]

රනිල්ට ඇප දීමට විරුද්ධයි..! ආරාධනා පත්‍රය නිත්‍යානුකූල බව තහවුරු කර නෑ..!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කරයි. හිටපු ජනාධිපතිවරයාට එරෙහි නඩු විභාගය මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ විභාග වෙමින් පවතී. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ දිලීප පීරිස්; රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද ආරාධනා පත්‍රය නිත්‍යානුකූල එකක් බව කිසිම ආයතනයකින් මෙතෙක් […]

ලලිත් – කුගන් අතුරුදන් කිරීම; ගෝඨාට අධිචෝදනා.. ගෝඨා රටෙත් නෑ..!

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පවතින විමර්ශනයක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රයකට අත්සන් තබා ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේ වෙතත්, රාජපක්ෂට සමීප නීතිවේදීන් පවසන්නේ මේ පිළිබඳව තවමත් නිල තොරතුරු ලැබී නොමැති බවයි. මෙම විමර්ශනය අතුරුදහන් වූ ලලිත් සහ කූගන් යන දෙදෙනාගේ සිද්ධියට අදාළ බවට විමර්ශන අංශ සඳහන් කරයි. වාර්තා […]

ඊ-වීසා; ආගමන විගමන පාලකට එරෙහි අලුත්ම තීන්දුව

හිටපු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ අයැදුම්පත සැප්තැම්බර් 23 දක්වා කල් තබා තිබේ. හිටපු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව ගොනු කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ අයැදුම්පත සැප්තැම්බර් මස 23 වැනි දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ආන්දෝලනාත්මක වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර ඇති […]

රැකියා නියුක්තිකයන්ගේ වැටුප් වැඩි කරන නව නීති සම්මතයි!

අයවැය සහන දීමනාවලට අදාළ සංශෝධන පනත් තුනක් සහ ජාතික අවම වැටුප සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් කථානායකවරයා විසින් ඊයේ (ජූලි 23) සහතික කිරීමත් සමඟ නීතිය බවට පත් විය. මේ අනුව සේවක වැටුප්වලට බලපාන ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු වී තිබේ. මේ නව නීති අනුව, මේ වන විට ලබා දෙන අයවැය සහන දීමනාව සේවකයන්ගේ වැටුප්වල කොටසක් බවට පත්වෙනවා. […]

සමාගම් ( සංශෝධන) පනත් කෙටුම්පත  සම්මතයි

2007 අංක 7 දරන සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී  සම්මත විය. අද පෙ .ව 11.30 සිට ප.ව. 5.00 දක්වා සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ  විවාදය  පැවැත්වුණු අතර,  ඡන්ද විමසීමකින් තොරව  එම පනත් කෙටුම්පත සම්මත විය. 2007 අංක 7 දරන  සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025.06.05 දින  පාර්ලිමේන්තුවට ඉදිරිපත් […]

ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් ගාස්තු සංශෝධනයක්: ජූලි 4 සිට ක්‍රියාත්මකයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නිවේදනය කර ඇත්තේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි 4 වනදා සිට ක්‍රියාත්මක වන බවයි. කොමිෂන් සභාවට අනුව, මේ වසරේ බස් ගාස්තු සියයට 0.55 කින් අඩු වනු ඇත. කෙසේ වෙතත්, අවම ගාස්තුව නොවෙනස්ව පවතිනු ඇත. ඉන්ධන මිල, මෙහෙයුම් පිරිවැය සහ අනෙකුත් ආර්ථික සාධක සැලකිල්ලට ගනිමින් වාර්ෂික ගාස්තු ගැලපුම් යාන්ත්‍රණයට අනුකූලව මෙම […]

විමල් වීරවංශට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසන්නේ, ongoing පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසම විසින් තමන්ට කැඳවීමක් ලැබී ඇති බව ය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරවංශ හෙළි කළේ, මෙම විමර්ශනය තමන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී වෙළඳසැල් කිහිපයක් විකිණීම සම්බන්ධයෙන් බවයි. “මට අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී […]