2026 අප්‍රේල් 06 සඳුදා, 21:04
නවතම පුවත්

බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.76ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 3.69ක වැඩිවීමක් වේ. එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල රුපියල් 76.57කින් ඉහළ ගොස් තිබෙනවා. එහි වැඩිවීම දැක්වෙන්නේ සියයට 3.58ක් ලෙසයි.

ධනංජය ද සිල්වාගේ සහෝදරයා අත්අඩංගුවට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වා හෙවත් සංගු නැමැත්තා ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ තවත් පිරිසකට පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින්ය. සංගු නැමැත්තා ඊයේ රාත්‍රියේ රත්මලානේ පිහිටි සිය නිවස අසළදී පුද්ගලයෙකුට පහරදී තිබේ. පහරකෑමට ලක් වූ පුද්ගලයා, ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමට චෝදනා එල්ලවී ඇති කුඩු අංජු […]