2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:18
නවතම පුවත්

යොවුන් ජවය දියගමට. ජාතික යෞවන ක්‍රීඩා උළෙල අද ඇරඹෙයි

දිවයිනේ දක්ෂතම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා උරගා බලන 35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල අද දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ වේ. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන මෙම ක්‍රීඩා මංගල්‍යය දෙසැම්බර් 21 වැනිදා දක්වා පුරා දින තුනක් පැවැත්වීමට නියමිතය. සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් වයස අවුරුදු 15ත් 29ත් අතර පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදහසකට ආසන්න පිරිසක් මෙවර තරගාවලියට එක්ව සිටිති.

තරගාවලියට අදාළ සියලුම කණ්ඩායම් තරග මේ වන විටත් පවත්වා අවසන් කර ඇති අතර අද සිට දියගමදී ක්‍රියාත්මක වන්නේ මලල ක්‍රීඩා ඉසව්වන්ය. කෙසේ වෙතත් පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සැලසුම් කර තිබූ මැරතන් තරග ඉසව්ව මෙවර නොපැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත. ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහා රුපියල් ලක්ෂ දහයක් වටිනා යතුරුපැදි දෙකක් පිරිනැමෙන අතර ජාතික මට්ටමේ නව වාර්තාවක් පිහිටුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් ලක්ෂයක විශේෂ මුදල් ත්‍යාගයක් ද පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

මීට අමතරව ශූරතාව දිනාගන්නා දිස්ත්‍රික්කයට රුපියල් දෙලක්ෂයක මුදලක් ද, දෙවන සහ තෙවන ස්ථාන සඳහා පිළිවෙළින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක සහ රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග ද පිරිනැමීමට නියමිතය. කණ්ඩායම් තරගවලදී ද දක්ෂතා දක්වන්නන් සඳහා මුදල් ත්‍යාග රැසක් වෙන් කර ඇති අතර බීච් වොලිබෝල් සහ කැරම් වැනි ඉසව්වල ජයග්‍රාහකයන් ද ඇගයීමට ලක් කෙරෙනු ඇත.

අද පස්වරු 3ට ආරම්භ වන සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහභාගී වන අතර තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන දිනිඳු සමන් හෙන්නායක සහ සුගත් තිලකරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය. ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ලබන 21 වැනිදා පස්වරු 4ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories