කතරගම වෙහෙරගල ජලාශය ආශ්‍රිත යාල අභය භූමියේ පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇති බව වාර්තා වේ.
පසුගිය දිනවල වෙහෙරගල ජලාශයේ තිබී මැගසින් ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.
වෙහෙරගල ජලාශයේ සිදුකළ නාවික හමුදා මෙහෙයුම් ඊයේ(04) අවසන් කර තිබූ අතර නාවික හමුදා කිම්දුම් කණ්ඩායම් 3 ක් ඔස්සේ එම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණ.
ජලාශයේ තිබි තිබී T56 හිස් මැගසින් 215 ක්, එල්.එම්.ජී ඩ්‍රම් හිස් මැගසින් 39 ක්, එම් .පී.එම්.ජී 200 හිස් මැගසින් 11ක් , එම්.පී.එම්.ජී 100 මැගසින් 9 ක් , T 81 මැගසින් 6 ක් සහ 12.7 ගුවන් යානා නාශක අවි වලට යොදන 100 හිස් ඩ්‍රම්ස් එකක් සොයාගෙන ඇතැයි පැවසේ.