එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් ඇතිවූ සමස්ත හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන එකක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට නියෝග කර තිබෙනවා.
අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපානන් ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව ලබා දෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.එහිදී එම වන්දි මුදල භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බව ප්‍රකාශ වී ඇත.
එමෙන්ම මෙම ව්‍යසනය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂය බාර අමාත්‍ය නාලක ගොඩහේවා සහ සමුද්‍ර දූෂණ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීන්දු කර ඇත.