2025 අගෝස්තු 15 සිකුරාදා, 07:53
නවතම පුවත්

X ලෙස නම්කර ඇති හඳුනා නොගත් රෝගයකින් 100කට වැඩිය මරුට

කොංගෝ ජනරජයේ නිරිතදිග ප්‍රදේශයේ හඳුනා නොගත් රෝගයක් පැතිර ගොස් 100කට අධික සංඛ්‍යාවක් මිය යෑමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සක්‍රීයව මෙම තත්ත්වය නිරීක්ෂණය කරන අබව වාර්තා වේ.

X ලෙස දැනට නම්කර ඇති මෙම රෝගය, උණ, හිසරදය, කැස්ස සහ රක්තහීනතාව වැනි උණ රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්වයි.

වැඩි වශයෙන් වයස අවුරුදු පහට අඩු ළමුන් ඇතුළුව රෝගීන් 400කට ආසන්න සංඛ්‍යාවක් දැනට වාර්තා වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශ ආරංචි මාර්ග සඳහන් කළේ අවදානම් තක්සේරු කිරීමට සහ රෝගයෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර තීරණය කිරීමට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා සහ අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන් සමඟ ළඟදීම රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි.

වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට කල් වැඩි වූවත්, තත්ත්වය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩිදුර මාර්ගෝපදේශ බලාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා වේ.

මේ අතර, කොංගෝ හි ක්වාන්ගෝ පළාතේ වඩාත් පීඩාවට පත් ප්‍රදේශය වන පැන්සි සෞඛ්‍ය කලාපයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාර කණ්ඩායම් යොදවා ඇත.

විදෙස් මාධ්‍යවලට අනුව මරණ 79-143ත් අතර වාර්තා වී තිබුණ ද X රෝගයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අවිනිශ්චිතව පවතී.

මියගිය පිරිස ප්‍රධාන වශයෙන් වයස අවුරුදු 15ත් 18ත් අතර වේ.

මීට අමතරව, කොංගෝව දැනට පවතින Mpox වසංගතය සමඟ ද පොරබදමින් සිටින අතර දැනටමත් සැක සහිත රෝගීන් 47,000කට වැඩි ප්‍රමාණයක් සහ 1,000කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories