වෙඩි ප්‍රහාරයකට ලක්ව අද (22දා) පෙරවරුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ජීවිතක්ෂයට පත්වූ සිද්ධියෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගනුලැබීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දන්වා සිටීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවිණ.
මහජන දිනය වෙලාවේම ප්‍රාදේශීය සභාව තුළට පැමිණ වෙඩිතබා සභාපතිවරයා ඝාතනය කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කිරීමක් වන බව විපක්ෂ නායක එහිදී මතුකර සිටියේය.