2026 මාර්තු 25 බදාදා, 02:50
නවතම පුවත්

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරුයි

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති (නීතිඥ) ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (ඔක්තෝබර් 31) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මේ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූ අතර, විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී කථානායකවරයා සඳහන් කළේ, මේ වන විටත් ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගේ සියලු ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණ ද ඉන් ඔබ්බට ගොස් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් කටයුතු කොට ඇති බවත්, ඒ අනුව ඇතැම් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම, අද දින විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ද අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී කථානායකවරයා විසින් පොලිස්පතිවරයා දැනුවත් කිරීම සිදු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ පොලිස්පතිවරයා සඳහන් කළේ, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

සාකච්ඡාවට සහභාගී වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වාදුන්නේ, තම දේශපාලන කටයුතු බාධාවකින් තොරව ආරක්ෂිත පරිසරයක් තුළ පවත්වාගෙන යාම සඳහා සියලු විපක්ෂ මන්ත්‍රීවරුන්ට, ප්‍රථමයෙන් ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙසත්, පසුව තර්ජන පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories