ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (ඔක්තෝබර් 20) පෙරවරු 8.00 සිට පසුදින (ඔක්තෝබර් 21) පස්වරු 2.00 දක්වා වූ කාලය තුළ ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව, බෝපේ, පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
මේ අතර අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ ජල සැපයුම සිදුකරන බවද ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන අතර, අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටී.