2026 මාර්තු 20 සිකුරාදා, 13:59
නවතම පුවත්

නුවරඑළි ජල ගාස්තු 1500%කින් ඉහළට

නුවරඑළිය මහ නගර සභාව යටතේ පැවති පානීය ජල ව්‍යාපෘතිය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට (NWSDB) පැවරීමට ගත් තීරණය හේතුවෙන් නුවරඑළියේ ජල ගාස්තු 1500% – 1600% කින් පමණ ඉහළ යෑමේ අවදානමක් මතුව තිබේ. මෙම තීරණයට එරෙහිව ප්‍රදේශවාසීන්ගේ සහ සංචාරක ව්‍යාපාරයේ දැඩි විරෝධයක් මේ වන විට ගොඩනැගී ඇත.

අවසන් වරට පැවති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මෙම ජල ව්‍යාපෘතිය NWSDB වෙත පවරා ගැනීමට තීරණය වීමත් සමග ගැටලුව උග්‍ර වී තිබේ.

දැනට නුවරඑළිය මහ නගර සභාව මඟින් සාමාන්‍ය පාරිභෝගිකයන්ට සහ සංචාරක කර්මාන්තයට සපයන ජල ඒකකයක මිල රුපියල් 3.00ත් – 5.00ත් අතර පවතී. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය NWSDB වෙත පැවරුවහොත්, ජල ඒකකයක මිල රුපියල් 60ත් – 65ත් අතර වනු ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මෙම දැවැන්ත මිල වැඩිවීම, දැනටමත් ජල බිල්පත් ගෙවා ගැනීමට අපහසුවෙන් සිටින ජනතාවට දරාගත නොහැකි බරක් වනු ඇති බව ඔවුන් පවසයි.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ විදේශීය පාලන සමයේ සිටම නුවරඑළිය මහ නගර සභාව විසින් මෙම ජල ව්‍යාපෘතිය කාර්යක්ෂමව පවත්වාගෙන ගිය බවත්, වසර ගණනාවක් තිස්සේ සාධාරණ මිලකට ජලය ලබා දෙමින් නගර සංවර්ධන කටයුතු සඳහා විශාල ආදායමක් උපයා ගත් බවත්ය.

“ජල ඒකකයක මිල රුපියල් තුනක් වැනි අවම මුදලකට ලබා දීමේදීත්, බිල්පත් ගෙවා ගත නොහැකිව මාසිකව ජල සැපයුම් 75ත් 100ත් අතර ප්‍රමාණයක් විසන්ධි කිරීමට මහ නගර සභාව කටයුතු කරන පසුබිමක 1500%ක වැඩිවීමක් කියන්නේ දරාගන්න බැරි බරක්,” යැයි ප්‍රදේශවාසීහු මැසිවිලි නගති.

මීට අමතරව, සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන්නන් ද පෙන්වා දෙන්නේ ජල මිල ඉහළ යෑමත් සමඟ සංචාරක ව්‍යාපාරයට විශාල මුදලක් අය කිරීමට සිදුවීමෙන් දේශීය හා විදේශීය සංචාරකයන් දැඩි අපහසුතාවයට පත්වනු ඇති බවයි.

පරිසරවේදීන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් කියා සිටියේ, මෙම ජල ව්‍යාපෘතිය මහ නගර සභාව යටතේම තබා ගනිමින්, ලැබෙන ආදායමෙන් එය තවදුරටත් වැඩිදියුණු කිරීම දුරදක්නා ක්‍රියාවක් බවයි. වත්මන් පාලනය එම සම්පත රැක ගැනීමට අපොහොසත් වුවහොත් එය වත්මන් පාරිභෝගිකයන්ට සහ අනාගතයට සිදුකරන මහා ද්‍රෝහීකමක් බව ද ඔවුහු සඳහන් කරති.

මහජනතාව සහ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, වසර ගණනාවක් පුරාවට මහජන මුදලින් නඩත්තු වන මෙම ජල ව්‍යාපෘතිය, මහ නගර සභා අනුමැතියකින් තොරව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ වුවමනාව පරිදි වෙනත් ආයතනයකට පැවරීම, මහ නගර සභාවේ සහ සමස්ත මහා නගර සභා ආඥා පනතේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් බවයි.

කෙසේ වෙතත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ, අදාළ ජල ව්‍යාපෘතිය NWSDB වෙත පැවරීම සම්බන්ධ යෝජනාව මහ සභාවට ගෙන ඒමට නියමිත බවත්, එහිදී බහුතර කැමැත්ත අනුව අවශ්‍ය කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories