වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගෙන තිබේ.
විශ්‍රාම යන විට ඔහු දශක තුනකට ආසන්න කාලයක් එම දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියේය. මෙරටට බලපෑ සුළි කුණාටු අවස්ථාවේදී ද ඒ මහතා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නායකත්වය දෙමින් සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ බව වාර්තා වේ.