අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් මස 10 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (ඔක්තෝබර් 16) නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර නීතීඥ වන්නිනායක මහතා ඊයේ (ඔක්තෝබර් 15) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙන බව ද අධිකරණයට දැනුම් දෙන ලදී.