අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදාදීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් නියමව සිටින පිරිමි හා කාන්තා රැඳවියන්ගේ අද (දෙසැම්බර් 01) දින දිවා ආහාරය සඳහා වෙන් කළ වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේ පාලනාධිකාරියෙන් කරන ලද ඉල්ලීමකට අනුව පිරිමි සහ කාන්තා අංශයේ රැඳවියන් 3,874 දෙනෙකු විසින් මෙම පරිත්‍යාගය සිදු කර ඇත.
එම වියළි ආහාර ද්‍රව්‍ය වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී රජිව් එස්. සිල්වා ඇතුළු නිලධාරීන් සහ රැඳවියන් විසින් අද පෙරවරුවේ (01) කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර වෙත භාරදීම සිදු විය.