වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ඉදිරි දින කිහිපය තුළදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා යොදවා ඇති පොලිස් කණ්ඩායම් දැනටමත් තීරණාත්මක තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත්, එමඟින් විමර්ශනය ඉදිරි ගමනකට ආසන්න වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.