වෙනිසියුලාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඉන්දියාව සිය දැඩි අවධානය යොමු කර ඇති අතර, එරට ජනතාවගේ යහපැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ප්‍රකාශ කර ඇත්තේ වෙනිසියුලාවේ සිදුවන මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ඉන්දියාව කනස්සල්ලෙන් පසුවන බවයි.
මෙම නිවේදනය නිකුත් වන්නේ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ මහතා එක්සත් ජනපද හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුවය. වාර්තා වන අන්දමට ජනාධිපති මධුරෝ තවමත් නිව්යෝර්ක් නුවර බන්ධනාගාරයක රඳවා සිටින අතර, මෙම තත්ත්වය ලෝක දේශපාලනය තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
කලාපීය ස්ථාවරත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ඉන්දියාව, වෙනිසියුලාව තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සාමකාමීව විසඳා ගනු ඇතැයි අපේක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.