ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳව කථානායකවරයාගේ තීරණය අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
එහිදී කථානායකවරයා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන්ට අනුව එම යෝජනාව ගැලපෙන ආකාරයෙන් ඉදිරිපත් කර නොමැති අතර නිසි ක්‍රියා පටිපාටිය පිළිපදි නොතිබෙන බැවින් එය පිළිගැනීම සිදු කළ නොහැකි බවයි.
එහිදී කථානායකවරයා සඳහන් කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභාංග යෝජනාව නොගැලපෙන බැවින් සහ එය නිසි පිළිවෙලකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ස්ථාවර නියෝග යටතේ පවසා සිටියේ, අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කිරීමට කථානායකවරයා වෙත ලබාදී ඇති නීතිපතිවරයාගේ සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරන ලෙසය.
මෙහිදී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා ද කථානායකවරයාගේ තීරණයට අදාළව අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ඉල්ලා සිටි නමුත් එහිදී කථානායකවරයා පවසා සිටියේ, මෙය විවාදයක් නොවන බවත් ඒ සඳහා අවස්ථාව නොමැති බවත්ය.
එහිදී පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර කථානායකවරයා පවසා සිටියේ, අදාළ දැනුම්දීම හොඳින් කියවා බලන ලෙස කථානායකවරයා විපක්ෂ නායකවරයාට කියා සිටියේය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට පසුගිය අගෝස්තු මස 12 වන දින භාර දී තිබුණි.
ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමාගේ තීරණය ඉදිරියේ දී දැනුම්දෙන බව කථානායකවරයා අගෝස්තු 19 වන දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.