අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාගේ නියෝගයෙන් දැනුම් දී ඇත්තේ, සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවල සඳහන් කරුණු සුවිශේෂී කරුණු සේ සලකා ඇප මුදා හැරීමට තීරණය කළ බවයි.
අදාළ සැකකරු රුපියල් ලක්ෂ 20 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇති අතර, සැකකරුගේ විදේශ ගමන් ද තහනම් කර තිබේ. මෙම නඩුව ලබන පෙබරවාරි මස 17 වන දා නැවත කැඳවීමට නියම කර ඇත.