අභාවප්රාප්ත ජනප්රිය නළු විජය කුමාරතුංග මහතාගේ 80 වැනි ජන්ම දිනයට සමගාමීව සංවිධානය කරන ලද ‘විජය සිනෙදසුන්’ සිනමා දැක්ම ඊයේ (09) ආරම්භ විය.
හෙළරූ ආයතනය, Horizon Campus හි Rotaract සමාජය, Kaleli සහ Capitali යන ආයතන එක්ව මෙම සිනමා දැක්ම සංවිධානය කර තිබේ.
සිනමා දැක්ම ආරම්භ කරමින් ඊයේ සවස 5.00 ට ජාතික චිත්රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී ‘තුෂාරා’ චිත්රපටය ප්රදර්ශනය කෙරිණි. මෙම ප්රදර්ශනය සඳහා විශාල රසික පිරිසක් පැමිණ සිටි බව වාර්තා වේ.
සිනමා දැක්ම යටතේ අද (10) දින ‘මහ ගෙදර’ චිත්රපටය ප්රදර්ශනය කිරීමට නියමිත බව සංවිධායකයෝ සඳහන් කරති. විජය කුමාරතුංගයන්ගේ සිනමා දායකත්වය අගය කිරීම මෙම සිනමා දැක්මේ ප්රධාන අරමුණයි.