” අද ලෝකයේ අවම තෙල් මිල තියෙන්නේ . මේ තරම් අර්බුද හමුවේත් බොරතෙල් බැරලය ඩොලර් 60 ට වැටිලා . නමුත් ලංකාව ඩොලර් 87 ගාණට තමයි අපිට බොරතෙල් දෙන්නේ . ඉතාම බරපතල සූරාකෑමක් මෙතන සිදුවන්නෙ . කවුරු සූරන් කනවද කියලා පැහැදිලි නෑ නමුත් විශාල සූරාකෑමක් මේක .
ඩීසල් පෙට්‍රල් හරහා ලීටරයකට රුපියල් 120 ක් විතර රජය බදු විදියට සූරාකනවා . කිසිම ණයක් නැතුව තමයි ඔය සූරාකෑම කරන්නේ . ණය තියනවා කියන්නෙ පට්ටපල් බොරුවක් . 2015 අපි කණිජ තෙල් සංස්ථාව පිරිසිදු කරා.
රුපියල් 154 ට මහින්ද රාජපක්ෂ විකුණපු පෙට්‍රල් 117 ට අපි දුන්නා . තෙල් මිල අඩු කරලා ණය ගෙවලා සියල්ල සුද්ධ පවිත්‍ර කරා . 2022 ආව අර්බුදය පිට දාලා විශාල ගණන් වලින් තෙල් මිල ඉහල දාලා තෙල් සංස්ථාව අධික ලාභ ලබන තැනක් බවට පත් කරා . තෙල් සංස්ථාව කිසිම අවස්ථාවක ලංකා ඉතිහාසය පාඩු ලබලා නෑ . පාඩු ලබලා තියෙන්නේ බදු ගෙවලා . මේ ආණ්ඩුව කරන්නේත් රනිල් වික්‍රමසිංහ කරපු දේම තමයි .
විදුලි බල මණ්ඩලය ගාස්තු වැඩි කිරීමක් මීට මාසෙකට කලින් අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරා .මණ්ඩලය නැවත අලුතින් ගාස්තු වැඩි කිරීමක් ඉල්ලලා තියෙනවා . විදුලිබල මණ්ඩලයේ පෙරදී ගාස්තු වැඩි කළේ මාස හයෙන් හයට . දැන් මාසෙන් මාසෙට කරන්න පුළුවන් විදිහට පනත වෙනස් කරා . මහජන උපයෝගීතා කොමිසමට තිබිච්ච ශක්තිය දියකලා.
විදුලිබල මණ්ඩලයේ සේවකයෝ ගැන කතා කළොත් , වුවනාවට වඩා සේවකයො ගත්තා . මං දැක්කා එක විදුලි බල මණ්ඩල සේවකයෙක් අහනවා රන්ජන් ජයලාල් මහත්මයාගෙන් ” අපිව ස්ථිර කරන්න රුපියල් 5000 ගානේ ගත්තා නේද ඒ සල්ලිවලින් ඔබ කාර් එකකුත් මිල දී ගත්තා නේද දැන් කෝ ඒ සල්ලි ? ” කියලා . දැන් අපෙන් ආයේ සල්ලි ඉල්ලනවා ඒ තුන්දාහෙන් කොටසක් ගෙදර යවන්න . “
Island voice lk Hard Voice වැඩසටහනට සම්බන්ධ වූ හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගිය දා සිදු වූ තෙල් මිල සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය .