යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රෝමය බලා පිටත්ව ගොස් ඇති අතර, එහිදී ඔහු වතිකානයට ගොස් ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමන් හමුවිය. ඒ, රුසියන්-යුක්රේන යුද්ධය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්ය.
රුසියන්-යුක්රේන යුද්ධය නැවැත්වීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ කරුණු 28 කින් සමන්විත සටන් විරාම සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, පාප්තුමන්ට පැහැදිලි කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියන්-යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදහත්කරුවකු වීමට තමන් කැමැති බව වතිකානය ද නිරන්තරයෙන් පවසා ඇත.
යුක්රේන වැසියන් වෙනුවෙන් වතිකානය මෙන්ම 14 වැනි ලියෝ පාප්තුමන් ද ඉදිරිපත් වීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කළේය.