රජය විවේචනය කළා යැයි උවිඳු කුලකුලසූරියට ෆේස්බුක් හරහා එල්ලකොට තිබූ තර්ජනයකට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ අදහස් දක්වා තිබිණි .
” මම බොහොම බය වුනා. මම ආයෙ ආණ්ඩුව විවේචනය කරල මොකුත් ලියන්නෙ නැහැ. උදේ නැගිට්ට ගමන් දැක්ක පණිවිඩය මේ. ‘තෝ ලංකාවෙ පස්පාගන්න හිතන්න එපා’ලූ. මේ ප්‍රොෆයිල් ලොක්කරන් ඉන්න පොර මීට මාසෙකට පෙර මට ටිකක් ආදරෙන් අවවාද කරල තියෙන්නෙ. 😂
පෙරේද එංගලන්තෙ ජේවීපී නායකය එක්ක කයියක් ගහගෙන ඉන්නකොට ඌ හිනාවෙවිවී කිව්ව, එකෙක් ඌට කිව්වලු ‘අයියෙ ඕක ඉන්න තැන කියන්න, මම ගිහින් ඕකගෙ හොක්කට දෙකක් ඇනල එන්නම්’ කියල. ඒ කියන්නෙ දැන් එංගලන්තෙත් ගේ අස්සටම වෙලා ඉන්න වෙයි. බයේ බැහැ. 😂
ලොක්කොන්ට නැති ප්‍රශ්න ජේවීපී හාල් කෑලිවලට තියෙන්නෙ. පවු ඩා!
මේ වගේ තර්ජනාත්මක මෙසේජස් සිය ගානක් මට දවස ගානෙ එවනව. සමහරු කෙලින්ම වොයිස් මෙසේජස් එවන්නෙ. මරු බඩු 😂🔫 “
