ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක වැටුප එම පළාත නැවත ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, ඊට පළාතේ සියලු රාජ්‍ය නිලධාරීන් කැමැත්ත පළ කර ඇති බවත්, ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇති බවත්ය.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට දැඩි බලපෑම් එල්ල වී තිබුණි.