උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය සහ අනුරාධපුරය අතර දුම්රිය ධාවන කටයුතු හෙට (22) සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මහජනතාවගේ ගමන් පහසුව සැලසීම සඳහා යාල්රාණි දුම්රිය මඟින් මෙම සේවාවන් ප්‍රථමයෙන් ආරම්භ කරන බවයි.
පසුගිය කාලය පුරා විවිධ හේතූන් මත අඩාල වී තිබූ උතුරු දුම්රිය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමේ එක් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව කන්කසන්තුරය සිට අනුරාධපුරය දක්වාත්, අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වාත් දිනපතා දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වනු ඇත.
මෙම දුම්රිය සේවාව ආරම්භ කිරීමත් සමඟ උතුරු පළාතේ සිට අනුරාධපුරය දක්වා ගමන් ගන්නා මගීන්ට මෙන්ම වන්දනාකරුවන්ට ද විශාල සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. හෙට සිට ක්‍රියාත්මක වන නව කාලසටහන් පිළිබඳව සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබේ.
වැඩි විස්තර සඳහා